බලන්න

E   |     |  

2025 නොවැම්බර් මස 08 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.


කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව 2024 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XVIII, XX, XXI, XXII හා XXIII කොටස්, තෙවැනි කාණ්ඩයේ XV, XVI හා XVII කොටස් සහ නවවැනි කාණ්ඩයේ X, XI හා XII කොටස්.


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2022 සහ 2023 වර්ෂ සඳහා ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ වාර්ෂික වාර්තා.
(ii)    2024 වර්ෂය සඳහා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ඒකාබද්ධ වාර්ෂික වාර්තාව.
(iii)    2023 වර්ෂය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව.
(iv)    2024 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව.
(v)    (52 අධිකාරය වූ) සුරාබදු ආඥාපනතේ 25 වගන්තිය සමඟ කියවිය යුතු 32 වගන්තිය යටතේ සුරාබදු බලපත්‍ර ගාස්තු සම්බන්ධයෙන් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් 2025 ඔක්තෝබර් 04 දින පනවන ලද රීති. 
(vi)    2004 අංක 11 දරන මුදල් පනතේ 26 වගන්තිය සමඟ කියවිය යුතු 22 වගන්තිය යටතේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2025 අප්‍රේල් 01 දිනැති       අංක 2430/14 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය. 
(vii)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 22 වගන්තිය සමඟ කියවිය යුතු 27(1) (ආ) වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව, ශ්‍රී ලංකා කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ පීඨ සහ අධ්‍යයන අංශ නිශ්චිතව දැක්වීම සම්බන්ධයෙන් එවකට අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යවරිය විසින් සාදන ලදුව, 2024 නොවැම්බර් 29 දිනැති අංක 2412/35 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.
(viii)    2025 අංක 3 දරන විසර්ජන පනතේ 6(1) වගන්තිය ප්‍රකාරව 2025.09.01 සිට 2025.09.30 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුව වැය ශීර්ෂ අංක 240 යටතේ සංවර්ධන කටයුතු වැඩසටහනෙන් වෙන්කර ඇති ප්‍රතිපාදන මඟින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම් පිළිබඳ සටහන.
(ix)    පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. 
(x)    2024 වර්ෂය සඳහා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(xi)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සහ දකුණු පළාත් සභාව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තා. 
(xii)    2023 වර්ෂය සඳහා ජල සම්පත් මණ්ඩලයේ වාර්ෂික වාර්තාව.
(xiii)    2020 සහ 2021 වර්ෂ සඳහා බුද්ධශාසන අරමුදලේ වාර්ෂික වාර්තා.
(xiv)    2024 වර්ෂය සඳහා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව.
(xv)    2024 වර්ෂය සඳහා ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා                    
(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා                    
(iii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඔෂානි උමංගා මහත්මිය                    
(iv)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික හෙට්ටිආරච්චි මහතා

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)


පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු රවී කරුණානායක මහතා
ඉන්දු - ලංකා නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳ ගැටළු

 

වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න

ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තුළ තම හැසිරීම සම්බන්ධයෙන් ගරු චාමර සම්පත් දසනායක මහතා දැක්වූ අදහස්



වරප්‍රසාද

පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අරවින්ද සෙනරත් මහතා විසින් තමන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවට 2025 සැප්තැම්බර් 11 දින පාර්ලිමේන්තුවේ දී මතු කරන ලද කරුණු සම්බන්ධ වරප්‍රසාද යෝජනාව ගරු පාර්ලිමේන්තුවේ සභානායකවරයා විසින් ඉදිරිපත් කරන ලදුව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 118 හි විධිවිධාන ප්‍රකාරව ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන පනත් කෙටුම්පත (2026) - දෙවැනිවර කියවීම (පළමුවැනි වෙන් කළ දිනය)

(අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)



සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“මාවනැල්ල ප්‍රාදේශීය සභා යෝජනාව ක්‍රියාත්මක කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු කබීර් හෂීම් මහතා විසින් යෝජනා කරන ලදී.


අනතුරුව, විසර්ජන පනත් කෙටුම්පත (2026) දෙවැනිවර කියවීමේ විවාදය පැය  1835 ට 2025 නොවැම්බර් මස 10 වැනි සඳුදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks