පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
1 : වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නයක් මතු කිරීමට අවසර ඉල්ලා 2025 නොවැම්බර් 10 වන දින ගරු (ආචාර්ය) රාමනාදන් අර්චුන මහතා විසින් ඉදිරිපත් කරන ලද ලිපියක් සම්බන්ධයෙන්
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ඉන්සුරන්ස් කෝපරේෂන් ලිමිටඩ්හි වාර්ෂික වාර්තාව.
(ii) 1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(1) සහ 14 වගන්ති සමඟ කියවිය යුතු 20 වගන්තිය යටතේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2025 ඔක්තෝබර් 15 දිනැති අංක 2458/43 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි.
(iii) 2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වාර්ෂික වාර්තාව.
(iv) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සහ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තා.
(v) 2023 වර්ෂය සඳහා ගුවන්තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගමේ වාර්ෂික වාර්තාව.
(vi) 2010 අංක 14 දරන සිවිල් ගුවන් සේවා පනතේ 6, 8 සහ 31 වගන්ති සමඟ කියවිය යුතු 117(2) වගන්තියේ (ඩ) සහ (ණ) ඡේද යටතේ එවකට ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2025 පෙබරවාරි 06 දිනැති අංක 2422/38 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග.
(vii) 2002 අංක 34 දරන සිවිල් ගුවන් සේවා අධිකාරිය පනතේ 7 වගන්තියේ (ජ) සහ (ණ) ඡේද සහ 9 වගන්තිය සමඟ කියවිය යුතු 39 වගන්තිය යටතේ එවකට ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2025 පෙබරවාරි 06 දිනැති අංක 2422/39 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග.
(viii) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ශ්‍රී ලංකා පොලීසිය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී බී. ආරියවංශ මහතා
(ii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) ජගත් ගුණවර්ධන මහතා
(iii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අරුණ පනාගොඩ මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
ගරු කේ. කාදර් මස්තාන් මහතා
සහල් ආශ්‍රිත ගැටළු සඳහා විසඳුමක්
ගරු වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු ලබා දුන්නේ ය.
වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න
(i) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අමිර්තනාදන් අඩෛක්කලනාදන් මහතා
සමාජ මාධ්‍ය ඔස්සේ ඔහුට එරෙහිව ව්‍යාජ තොරතුරු ප්‍රචාරය කිරීම
(ii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා
විපක්ෂ මන්ත්‍රීවරුන් ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ කරුණු සාකච්ඡා කිරීම සඳහා ගරු කථානායකතුමා හමුවීම සම්බන්ධයෙන් ගරු කේ.වී. සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රකාශය
(iii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතා
ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ සුසන්ත ලියනාරච්චි මහතා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට එරෙහිව කළ අපහාසාත්මක ප්‍රකාශ
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
විසර්ජන පනත් කෙටුම්පත (2026) - දෙවැනිවර කියවීම (පස්වැනි වෙන් කළ දිනය)
(අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“අක්ෂි සෞඛ්‍යය සඳහා වූ ජාතික උපායමාර්ගික සැලැස්ම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) රාමනාදන් අර්ච්චුනා මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, විසර්ජන පනත් කෙටුම්පත (2026) දෙවැනිවර කියවීමේ විවාදය පැය 1830 ට 2025 නොවැම්බර් මස 14 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks