බලන්න

E   |     |  

පාර්ලිමේන්තු සේවයේ ස්වාධීන තත්ත්වය ශක්තිමත් කිරීම පිළිබඳ කරුණු සොයා බලා වාර්තා කිරීම පිණිස වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව

පාර්ලිමේන්තු සේවයේ ස්වාධීන තත්ත්වය ශක්තිමත් කිරීම පිළිබඳ කරුණු සොයා බලා වාර්තා කිරීම පිණිස වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව,-

 

පාර්ලිමේන්තු සේවය, එහි සියලුම අංශවල ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් පවත්වා ගත යුතු ස්වාධින තත්ත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට නිර්දේශ ඉදිරිපත් කිරීමට අවශ්‍ය වි ඇති හෙයින්;

 

(අ)       පාර්ලිමේන්තු‍ සේවයේ ස්වාධීන තත්ත්වය ශක්තිමත් කිරීම; සහ

 

(ආ)      කාරක සභාව විසින් අදාළ යැයි තීරණය කරනු ලබන අනෙකුත් කරුණු; යනාදිය පිළිබඳව සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම පිණිස පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කළ යුතු යැයි මෙම සභාව යෝජනා සම්මත කරයි.

 

(02.)     (අ)       එම කාරක සභාව සහ එහි සභාපතිවරයා කථානායකතුමා විසින් නම් කරනු       ලැබිය යුතුය.

 

(ආ)      ස්ථාවර නියෝග 95 හි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුනද, මෙම කාරක සභාව සාමාජිකයන් හත් (07) දෙනෙකුගෙන් සමන්විත විය යුතුය.

 

(03.)     ඒ කාරක සභාවට,-

            (ආ)      සිය ගණපුරණය නියම කර ගැනීමටද;

            (ආ)      කාරක සභාව ඉදිරියේ පෙනී සිටින ලෙස යම් තැනැත්‍තකු කැඳවීමට ද, යම්        ලේඛනයක් හෝ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස යම් තැනැත්තෙකුට නියම             කිරීමට ද, ඉහත සඳහන් කරුණු පූර්ණ ලෙස සලකා බැලීම පිණිස අවශ්‍ය යයි          කාරක සභාව කල්පනා කරන ලිඛිත හෝ වාචික සියලු සාක්ෂී පාර්ලිමේන්තුවේ මහ ලෙක්ම්වරයා‍ගේ වත්මන් සහ හිටපු කර්ය මණ්ඩල සාමාජිකයන්ගෙන් හා         කාර්ය මණ්ඩල සංවිධානවලින් ලබා ගැනීමට හා භාර ගැනීමට ද;

(ඇ)      කාරක සභාව වෙත සහාය ලබා ගැනීම පිණිස අදාළ ක්ෂේත්‍රයන්හි විශේෂඥයන්ගේ සහ ප්‍රවීණයන්ගේ සේවාවන් ලබා ගැනීමට; සහ

(ඈ)      කලින් කලට අන්තර්වාර වාර්තා ඉදිරිපත් කිරීමට සහ පාර්ලිමේන්තව අඩාලව කල් තබන ලද්දේ වුව ද, රැස්වීම් පවත්වා ගෙන යෑමට ද; බලය තිබිය යුතුය.

(04.)     සියලුම කරුණු සැළකිල්ලට භාජනය කිරීමේන් අනතුරුව, කාරක සභාව පත්කර මාස පහ (05)ක් ඇතුළත හෝ පාර්ලිමේන්තුවේ අභිමතය පරිදි නියම කරනු ලබන පසු දිනයක හෝ වාර්තාව ඉදිරිපත් කළ යුතුය.

කාරක සභා‌වේ ලේකම් අමතන්න

නම

ධම්මික දසනායක

දුරකථන

0094-11-2777228

ෆැක්ස්

0094-11-2777227

ඊ-මේල් ලිපිනය

dhammika_d@parliment.lk

කාරක සභාව අහෝසි වී ඇත

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව  | 1 වැනි සභාවාරය

දිනය: 2015-07-26





ආශ්‍රිත තොරතුරු

test sinhala

(ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව |  1 වැනි සභාවාරය )

දිනය: 2024-01-10

රට තුළ සීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද පිළිබඳව කරුණු සොයා බලා ඒ පිළිබඳව නිරීක්ෂණ හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභා රැස්වීම්වල කාර්ය සටහන්

(ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව |  5 වැනි සභාවාරය )

දිනය: 2024-09-04





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks