07

E   |     |  

අපගේ මහජන සේවා කණ්ඩායම ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රජාවන් සමඟ එක්ව කටයුතු කරමින් මහජනතාව හා සමීප වෙයි

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහජන සේවා අංශය මඟින් ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායක පද්ධතිය අධ්‍යයනය සඳහා පවත්වනු ලබන විවිධ ක්‍රියාකාරකම් හෝ වැඩසටහන් සඳහා සහභාගී වීමට හෝ සම- නිර්මාණය කිරීමට ක්‍රියාකාරී ප්‍රජාවන්ට අවස්ථාව සැලසේ.

විවිධ හේතූන් මත ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ප්‍රවේශ වීමට හැකියාවක් නොමැති ජන කොට්ඨාසයන් පිළිබඳව අපි විශේෂයෙන් අවධානය යොමු කරන්නෙමු. මෙරට සහ ලොව පුරා සිටින ප්‍රජාවන් සහ විශේෂ උනන්දුවක් දක්වන කණ්ඩායම් සමඟ සහයෝගීව කටයුතු කිරීමද මෙහිදී සිදුවේ.

පාර්ලිමේන්තු මහජන සේවා අංශය, මහජනතාව සහ පාර්ලිමේන්තුව අතර සම්බන්ධතා ඉහළ නැංවීමේ අරමුණින් පාර්ලිමේන්තුවේ කාර්යයන්, ක්‍රියාවලීන් සහ වැදගත්කම පිළිබඳව දැනුවත් කරයි.

මහජනතාව, පාසල් සිසුන්, නිලධාරීන් සහ තවත් බොහෝ අංශ සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති නවතම වැඩසටහන් සහ ක්‍රියාකාරකම් පිළිබඳව දැන ගැනීමට අපගේ මහජන සේවා ගැලරිය වෙත පිවිසෙන්න.

වාර්තා කිසිවක් නොමැත






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks