07

E   |     |  

පාර්ලිමේන්තුව ගැන දැනගමු

“පාර්ලිමේන්තුව දැනගමු” වෙබ් අවකාශය වෙන් කෙරෙනුයේ පාර්ලිමේන්තු ක්‍රමවේද සහ ක්‍රියාපටිපාටි පිළිබඳ දැනුම්වත් කිරීම සඳහා පාර්ලිමේන්තුව විසින් සකස් කරන ලද ලිපි, පසුබිම් සටහන් සහ පර්යේෂණ පත්‍රිකා මෙන්ම පාර්ලිමේන්තුව විසින් නිෂ්පාදනය කරන ලද ශ්‍රව්‍ය දෘෂ්‍ය නිෂ්පාදන වෙනුවෙනි.

පාර්ලිමේන්තු ක්‍රමවේද සහ ක්‍රියාපටිපාටි පිළිබඳ අවබෝධය පුළුල් කිරීම උදෙසා පාර්ලිමේන්තුව විසින් සකස් කරන ලද ලිපි, පසුබිම් සටහන් සහ පර්යේෂණ පත්‍රිකා මෙන්ම පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් නිෂ්පාදනය කරන ලද වෘත්තාන්ත වාර්තා චිත්‍රපට, කෙටි වාර්තා චිත්‍රපට, ප්‍රවෘත්ති නිෂ්පාදන, සජීවී පටිගත කිරීම්, සම්මුඛ සාකච්ඡා ආදිය මේ අවකාශය තුළ ඇතුළත් වේ.

පාර්ලිමේන්තු සභා ගර්භයේ කටයුතු, පාර්ලිමේන්තු කාරක සභා ක්‍රියාවලිය මෙන්ම පාර්ලිමේන්තුවේ සිදු කෙරෙන අනෙකුත් කටයුතු පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට උනන්දුවක් දක්වන දේශීය සහ විදේශීය විද්‍යාර්ථීන්, පර්යේෂකයන්, වෘත්තිකයන්, සංචාරකයන්මෙන්ම සමාන්‍ය පොදු මහජනතාවටද මෙම අවකාශයට පිවිසීම තුළින් පාර්ලිමේන්තු ක්‍රියාවලිය සම්බන්ධව තොරතුරු පරිශීලනය කිරීමට, නැරඹීමට හෝ බාගත කිරීමට හැකියාව තිබේ.

පෙන්වන්න





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks