E   |     |  

පෙන්වන්න


2025 ජූලි මස 24 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2025 අගෝස්තු මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2025 අගෝස්තු මස 05 වැනි අඟහරුවාදා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 4.00 2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතේ 17 වන වගන්තිය ප්‍රකාරව පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම පිණිස වූ යෝජනා සම්මතය - සම්මත කිරීමට
(මේ පිළිබඳ යෝජනාව 2025.07.25 දින නිකුත් කරන ලද අංක 2(7) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ ඇතුළත් කරන ලදී)

ප.ව. 4.00 යෝජනා සම්මතය පිළිබඳ ඡන්ද විමසීම
ප.ව. 4.15 සිට ප.ව. 5.30 (i) ප්‍රපාතන විරෝධී සහ ප්‍රතිතෝලන බදු පනත යටතේ නියෝග – අනුමත කිරීමට
(2025.07.24 දින අංක 70 දරන න්‍යාය පත්‍රයේ අයිතම අංක 5 බලන්න)
(ii) අධිකරණ සංවිධාන පනත යටතේ නියෝග – අනුමත කිරීමට
(2025.07.24 දින අංක 70 දරන න්‍යාය පත්‍රයේ අයිතම අංක 7 බලන්න)

ප.ව. 5.30 සිට ප.ව. 6.00 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය)
 

2025 අගෝස්තු මස 06 වැනි බදාදා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 10.30 අග්‍රාමාත්‍යවරියගෙන් අසනු ලබන ප්‍රශ්න (ප්‍රශ්න 04 යි)
පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 05 යි)
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 (i) ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(2025.07.24 දින අංක 70 දරන න්‍යාය පත්‍රයේ අයිතම අංක 11 බලන්න)

(ii) දුම්කොළ බදු පනත යටතේ නියමය – අනුමත කිරීමට
(2025.07.24 දින අංක 70 දරන න්‍යාය පත්‍රයේ අයිතම අංක 3 බලන්න)

(iii) තේ (අපනයන බදු සහ පාලන) පනත යටතේ නියෝග – අනුමත කිරීමට
(2025.07.24 දින අංක 70 දරන න්‍යාය පත්‍රයේ අයිතම අංක 4 බලන්න)

ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න
 

2025 අගෝස්තු මස 07 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට මධ්‍යාහ්න 12.00 විනිමය පත්‍ර (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (විවාදයක් නොමැතිව සම්මත කිරීමට)
(2025.07.24 දින අංක 70 දරන න්‍යාය පත්‍රයේ අයිතම අංක 6 බලන්න)
මධ්‍යාහ්න 12.00 සිට ප.ව. 5.30 රටේ වත්මන් ආර්ථික තත්වය පිළිබඳ කල් තැබීමේ විවාදය (ආණ්ඩු පාර්ශ්වය)
 

2025 අගෝස්තු මස 08 වැනි සිකුරාදා

පාර්ලිමේන්තු රැස්වීම නැත (ප්‍රසිද්ධ නිවාඩු දිනය - පෝය දිනය)
 





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks