07

E   |     |  

පරිපාලන දෙපාර්තමේන්තුව යටතේ ඇති අංශ

පරිපාලන දෙපාර්තමේන්තුවේ කාර්ය භාරය

රජයේ සුවිශේෂී හා වෙන්ව පවතින ස්වාධීන ආයතනයක් ලෙස පාර්ලිමේන්තුව පරිපාලනය සඳහා  1953 අංක 09 දරන පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල පනත මඟින් නීතිමය විධිවිධාන සලසා ඇත.  අදාළ පනතේ විධිවිධාන ප්‍රකාරව කාර්ය මණ්ඩල පරිපාලනයට අදාළ වන්නා වූ ප්‍රතිපත්තිමය තීරණ ගැනීම හා අවශ්‍ය නීති සම්පාදනය පිණිස, කථානායකතුමාගේ ප්‍රධානත්වයෙන් යුතු, මුදල් අමාත්‍යවරයාගෙන්, සභානායකවරයා හා විරුද්ධ පාර්ශවයේ නායකගෙන් සැදුම්ලත් කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාව යනුවෙන් හැඳින්වෙන කාරක සභාවක් ද අදාළ පනතේ විධිවිධානයන්ට අනුකූලව පිහිටුවනු ලැබ ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 65 වැනි ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ පත් කරන ලද පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයෙකු යටතේ පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය කටයුතු කරයි.  මහ ලේකම්වරයා, කාර්ය මණ්ඩල උපදේශක කාරක සභා‍වේ ලේකම් ලෙස ද කටයුතු කරයි.

තරඟකාරී පරිසරයක් තුළ සිය රාජකාරී කටයුතු ප්‍රතිඵලදායක ලෙස ඉටු කිරීම සඳහා පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාගේ කාර්ය මණ්ඩලයට හැකියාව ලබා දෙනු පිණිස ඔවුන්‍‍ගේ පුද්ගල සංවර්ධනය හා යහපැවැත්ම කෙරෙහි අවධානය යොමු කිරීම වෙනුවෙන් උපායමාර්ගික වශයෙන් දායක විම පරිපාලන දෙපාර්තමේන්තුවෙහි මුඛ්‍ය කාර්ය භාරය වේ.

සීඝ්‍රයෙන් වෙනස්වන පරිසරයක් තුළ, මෙම උත්තරීතර ආයතනයෙහි අරමුණු හා අභියෝග සාර්ථක ලෙස සාක්ෂාත්කර ගැනීම සහ සියලු ක්ෂේත්‍රයන්හි ප්‍රමාණාත්මක හා ගුණාත්මක ලෙස ශක්‍ය වීමේ කාර්යය සඳහා, තීරණ උපාය මාර්ගික වශයෙන් ක්‍රියාත්මක කිරීම පිණිස අවශ්‍යවන්නාවූ නිවැරදි ආකල්ප හා දැනුම සහිත ක්‍රියාශීලී කාර්ය මණ්ඩලයක් අවශ්‍ය බව හඳුනාගෙන ඇත.

මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සිය වගකීම් අවබෝධ කරගන්නා ලදුව, පරිපාලන දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාගේ කාර්ය මණ්ඩලයෙහි ප්‍රගතිය, සංවර්ධනය හා යහපැවැත්ම වෙනුවෙන් ඉතා දැඩි සේ කැප වී සිටී.  මෙම කාර්යය උදෙසා වෙනසක් ඇති කිරීම වෙනුවෙන් නිරන්තරයෙන් ප්‍රයත්න දරන අතර මානව සම්පත් කළමනාකරණයෙහි නිවැරදි ප්‍රතිපත්ති, තීරණ හා ක්‍රියාමාර්ග මඟින් ආයතනය මෙහෙයවීම පිණිස, මානව සම්පත් ප්‍රතිපත්ති තීරණය කිරීමේ හා සැකසීමේ බලය පරිපාලන දෙපාර්තමේන්තුව වෙත පවරනු ලැබ ඇත.

අපගේ කාර්ය මණ්ඩලය අප සතු වටිනාම වත්කම වේ.  එබැවින්, විවෘතභාවය එක් මානව සම්පත් ප්‍රවේශයකි.  එක් මානව සම්පත් ප්‍රජාවක් වෙනුවෙන් සම්පත් බෙදා ගැනීම සහ ඉහළ පහළ හා මධ්‍යය යන සියලු දිශාවන් කරා අදහස් සන්නිවේදනය යන කරුණු මත අපගේ වටිනාකම පාදක විය යුතු බව අප හඳනාගෙන ඇත.

 

අධ්‍යක්ෂ (පරිපාලන) යටතේ පවතින ප්‍රධාන කාර්යයන් පහත සඳහන් පරිදි වේ.

අ.         පාර්ලිමේන්තු ලේකම් කාර්යාලයෙහි මානව සම්පත් සංවර්ධන අවශ්‍යතාවන්ට අදාළව උපායමාර්ගික තීරණ ක්‍රියාත්මක කිරීම.

ආ.        ලේකම් කාර්යාලයෙහි මානව සම්පත් ප්‍රතිපත්ති සහ අනුප්‍රාප්ති සැළසුම් සකස් කිරීම, සන්නිවේදනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම.

ඇ.        නිපුණතා පාදක රැකියා විස්තර, බඳවා ගැනීම, ස්ථානගත කිරීම, කාර්ය සාධන කළමනාකරණය හා පුහුණුව හඳුන්වා දීම.

ඈ.        බඳවා ගැනීම, ස්ථානගත කිරීම, සංචලතාව, වෘත්තීය හා නිපුණතා සංවර්ධනය, කාර්ය සාධනය ඇගයීම, වන්දි හා පර්යේෂණ කළමනාකරණය සහ වෘත්තීමය අභිවෘද්ධිය හා සම්බන්ධ ප්‍රතිපත්ති සමාලෝචනය, වැඩි දියුණු කිරීම හා ක්‍රියාත්මක කිරීම.

ඉ.         වෘත්තීය හා නිපුණතා සංවර්ධන සැළසුම් සමාලෝචනය සහ ක්‍රියාත්මක කිරීම.

ඊ.         කාර්යක්ෂමව කාර්ය මණ්ඩලය යෙදවීම සඳහා ඉලෙක්ට්‍රොනික මානව සම්පත් දත්ත සමුදාය සකස් කිරීම.

උ.        කාර්ය මණ්ඩල විනය පටිපාටිය සමාලෝචනය හා වැඩි දියුණු කිරීම.

ඌ.       1953 අංක 9 දරන පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල පනතෙහි ඇති විධිවිධාන වලට අනුකූලව යෝග්‍ය පරිපාලන අත්පොතක් සකස් කිරීම.

එ.         කාර්ය මණ්ඩල සංවර්ධනය සඳහා ඉහළ මට්ටමේ පුහුණු හා මානව සම්පත් සංවර්ධන වැඩසටහන් මෙහෙයවීම.

ඒ.        මානව ප්‍රාග්ධනයෙහි හැකියා වර්ධනය පිණිස උපායමාර්ගික තීරණ ක්‍රියාත්මක කිරීම සහ මානව සම්පත් ප්‍රතිපත්ති හා පටිපාටි අධීක්ෂණය තුළින් කාර්ය මණ්ඩල කළමනාකරණයෙහි සක්‍රීය සහභාගීත්වය.

ඔ.        නවීන කාර්ය සාධන කළමනාකරණ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමේදී ඵලදායී සහභාගීත්වය.

ඕ.        පාර්ලිමේන්තු ලේකම් කාර්යාලයෙහි වාහන ඇනියේ මෙහෙයුම් කටයුතු, නඩත්තුව යනාදිය.

ක.        මන්ත්‍රී සේවා කාර්යාංශය යටතට ගැනෙන විෂයයන් සම්බන්ධ කටයුතු කිරීම.

 



දෙපාර්තමේන්තු ප්‍රධානී

දුරකථනය

0112791296

ඊ-මේල් ලිපිනය

chithrani_d@parliament.lk







© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks