07

E   |     |  

හැදින්වීම

පාර්ලි‌මේන්තු මහලේකම් කාර්යාංශය සමන්විත වන්‌නේ පාර්ලි‌මේන්තු‌වේ මහ‌ලේකම්, නි‌යෝජ්‍ය මහ‌ලේකම් සහ සහකාර මහ‌ලේකම් යන ති‌දෙනා‌ගෙනි.

පාර්ලි‌මේන්තු‌ මහලේකම් කාර්යාංශ‌ය යට‌තේ ‌ක්‍රියාත්මක වන ‌දෙපාර්ත‌‌මේන්තු නවයකි. ඒවා නම්, වේත්‍රධාරී ‌දෙපාර්ත‌මේන්තුව, පරිපාලන ‌දෙපාර්ත‌මේන්තුව, ව්‍යවස්ථාදායක ‌සේවා ‌දෙපාර්ත‌මේන්තුව, මුදල් හා සැපයුම් ‌දෙපාර්ත‌මේන්තුව, හැන්සාඩ් දෙපාර්ත‌මේන්තුව, ආහාරපාන සහ ගෘහපාලන දෙපාර්ත‌මේන්තුව, සම්බන්ධීකරණ ඉංජි‌නේරු ‌දෙපාර්තමේන්තුව, ‌තොරතුරු පද්ධති සහ කළමනාකරණ ‌දෙපාර්ත‌මේන්තුව සහ සන්නිවේදන දෙපාර්තමේන්තුව ය.

පාර්ලි‌මේන්තු‌ කාර්ය මණ්ඩල පනත යට‌තේ පිහිටුවන ලද කාර්ය මණ්ඩල උප‌දේශක කමිටුව (SAC), පාර්ලි‌මේන්තු‌ කාර්ය මණ්ඩලය සම්බන්ධ කරුණුවලදී පාර්ලි‌මේන්තු‌ මහ‌ලේකම් කාර්යාංශයට උප‌දෙස් හා මාර්‌ගෝප‌දේශ සපයයි. කාර්ය මණ්ඩල උප‌දේශක කමිටුව සමන්විත වන්‌නේ කථානායකතුමා (සභාපති), සභානායකතුමා, මුදල් ඇමැතිතුමා සහ විපක්ෂ නායකතුමා යන අය‌ගෙනි.


ආයතනික ව්‍යුහය






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks