07

E   |     |  

පාර්ලිමේන්තුවේ ගෘහ නිර්මාණාත්මක වටිනාකම් මෙන්ම පාර්ලිමේන්තු ක්‍රමයේ වැදගත් ස්ථාන දකිමින් සුන්දර ආලින්දයන් හරහා සභා ගර්භය තුළට ඔබව සොඳුරු චාරිකාවක රැගෙන යන අපූර්වත්වයෙන් සපිරි සේයාරූ එකතුව නැරඹීමට පිවිසෙන්න.

ගෘහ නිර්මාණාත්මක ශිල්පීය විශිෂ්ටත්වය සහ දේශපාලනික සංධිස්ථානයන් සිහිපත් කරමින් මේ උත්තරීතර ආයතනය පිළිබඳ අධ්‍යයනය කිරීමටත් එමඟින් ඔබට හැකිවනු ඇත. රාජ්‍ය පාලනයට අවැසි වැදගත් සාකච්ඡා සිදුවන කමිටු කාමරවල සිට උද්වේගකර පාර්ලිමේන්තු සැසිවාරවල සෑම දසුනක්ම මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ ඉඩහසර ලොවට කියාපායි.

පාර්ලිමේන්තුවේ විචිත්‍රවත් සිවිලිම්, තේජාන්විත පියගැටපෙළ, කැටයමින් සමලංකෘත රිදී සහ තඹ දොරටු, ඉතිහාසයේ බිහිවූ විශිෂ්ට කලා නිර්මාණ බැව් ඔබට ගම්‍යමාන වනු ඇත. සෑම සේයාරුවක්ම මෙම රමණීය කලා නිර්මාණ නිර්වචනය කරන වැදගත් සාක්ෂියකි.

නූතනත්වයේ සහ සම්ප්‍රදායේ මනා සංකලනයක් වන ජෙෆ්රි බාවාගේ අද්විතීය ගෘහ නිර්මාණ ශිල්පීය අපූර්වත්වය ගවේශනය කිරීමටමෙම සේයාරූ පෙළ ඔබට අනගි අවස්ථාවකි. ඔබ දේශපාලනය, ඉතිහාසය, හෝ ගෘහ නිර්මාණත්මක අලංකාරය යනාදි කුමන ක්ෂේත්‍රයක උනන්දුවක් දැක්වුවද, "පාර්ලිමේන්තු සේයාරූ එකතුව" ඔබට වටිනාකමින් සපිරි ආකර්ශනීය දසුන් පෙළක් වනු ඇත. මෙරට දිගුකාලීන ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් පිළිබඳ සුවිසල් කතාවක් නිහඞව පවසන මෙකී සේයාරූ ඔස්සේ මෙම සෞන්දර්යාත්මක චාරිකාවට අප සමගින් එක්වන්න.

පෙන්වන්න






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks