07

E   |     |  

පෙන්වන්න

මෙම රීති වල වැදගත්කම කුමක්ද?

පාර්ලිමේන්තුවේ විධිමත් ක්‍රියාකාරීත්වය පහසු කරවනු පිණිස රීති හා ක්‍රියා පටිපාටීන් සකස් කොට අනුගමනය කරනු ලැබේ. මෙම රීති බලාත්මක කිරීමෙන් සභාවේ පැවැත්වෙන විවාද වල ප්‍රමිතිය වර්ධනය කළ හැකිය. නීති සම්මත කිරීමේදී ද, වාර්ෂික අයවැය අනුමත කිරීමේ දී හා අනෙකුත් කාරණා වලදී ද පාර්ලිමේන්තු විවාදවලට සහභාගී වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සිදුවේ. පාර්ලිමේන්තු ක්‍රමයක දී සියලුම අදහස්, මත හා සංකල්ප විධිමත් ආකාරයකට සභා ගර්භය තුළදී කරනු ලැබේ. ඉන්පසු පිළිගත් අවසානයකට එළඹීම සිදුවේ.

පාර්ලි‌මේන්තු‌වේ කථික මන්ත්‍රීවරුන්ට බලපාන රීති ‌මොනවාද?

අධිකරණයක විනිශ්චයට පාත්‍ර වූ කිසිදු කරුණක් පිළිබඳව සඳහන් ‌නොකළ යුතුය. යම් ‌යෝජනාවක් ‌හෝ පනත්‌ කෙටුම්පතක් ඉදිරිපත් කළ මන්ත්‍රීවරයා/වරිය හැර වෙනත් මන්ත්‍රීවරයකු/වරියකට එය පිළිබඳව එක් වතාවකට වඩා කථා කිරීමට ඉඩ හරිනු නොලැ‌බේ. එනමුත් පූර්ණ පාර්ලි‌මේන්තු කාරක සභාවකදී මන්ත්‍රීවරයකු/වරියකට එක් වරකට වඩා වැඩි වාර ගණනක් කථා කිරීමට අවසර ‌දෙනු ‌ලැබිය හැකිය. එයට අමතරව, සභාව ඉදිරි‌‌යේ ‌යෝජනාවක් ‌නොතිබුණ ද හානියට ලක් වු මන්ත්‍රීවරයකු/වරියකට ‌පෞද්ගලික කරුණු පැහැදිලි කිරීමකට හිමිකම් ඇත. ‌කෙ‌සේ වුවද එබඳු පැහැදිලි කිරීම් සම්බන්ධ‌යෙන් විවාද කිරීමට ඉඩ නොලැ‌බේ. පාර්ලි‌මේන්තුවට නුසුදුසු භාෂා විලාසයන් භාවිතා ‌නොකරනු පිණිස මන්ත්‍රීන් සිය වි‌ශේෂ සැළකිල්ල යොමු කළ යුතුයි.

කථා නොකරමින් සිටින මන්ත්‍රීන් සඳහා වන රීති මොනවාද?

ඔවුන් ‌ගෞරවාන්විත ‌ලෙස සභාවට ඇතුළු විය යුතු වන අතර, අනවශ්‍ය ‌ලෙස සභාව හරහා ‌නොයා යුතුය. සභා ගර්භය තුළදී පුවත්පත්, ‌පොත් ‌හෝ ලිපි කියැවීමට ඔවුනට අවසර ‌නොලැ‌බේ. ඔවුන් නිශ්ශබ්දතාවය ආරක්ෂා කළ යුතු වන අතර, සභාව අමතමින් සිටින මන්ත්‍රීවරයා/වරිය ඉඩ ‌දෙතොත් හැර ඔහු/ඇය‌ගේ කථාවට අවහිර කරමින් කථා ‌නොකළ යුතුය. සභා ගැබ තුළ දුම් බීම තහනම් ‌වේ. මන්ත්‍රීන් සිය තර්ක ඔප්පු කරනු පිණිස විවිධ ‌දේවල් ‌ගෙන ඒම ‌නොකළ යුතුය. සභා ගර්භය තුළ ජංගම දුරකථන හා පටිගත කිරී‌මේ යන්ත්‍ර භාවිතා කිරීමට ඉඩ ‌දෙනු ‌නොලැ‌බේ.

විවාදයන් සම්බන්ධ‌යෙන් කථානායකතුමා සතු බලතල ‌මොනවාද?

ඕනෑම අවඥා සහගත ‌හෝ ගර්හා කටයුතු ප්‍රකාශයක් ඉල්ලා අස් කර ගන්නා ‌ලෙස මන්ත්‍රීවරයකු/වරියකට පැවසීමට කථානායකතුමාට පිළිවන. එ‌මෙන්ම, එබඳු වචන නිල වාර්තා‌වෙන් (හැන්සාඩ්) ඉවත් කිරීමට ද කථානායකතුමාට පිළිවන. රැස්වීමට ‌නොකඩවා අවහිර කරන ‌හෝ බාධා පමුණුවන මන්ත්‍රීවරයකු/වරියකට අවවාද කිරීමට ද එතුමාට හැකිය. එ‌මෙන්ම, එතුමාට එබදු මන්ත්‍රීවරයකු/වරියක "නම් කිරීම" ‌හෝ ඉවත් කරන ‌ලෙස ‌වේත්‍රධාරීට නි‌යෝග කළ හැකිය. මන්ත්‍රීවරයකු/වරියක‌ගේ සභා රැස්වීමට පැමිණීම සති කිහිපයකට අත් හිටුවීමට ද පුඵවන. යම් මන්ත්‍රීවරයකු/වරියක‌ගේ හැසිරීම අත්‍යන්ත ‌ලෙස අශිෂ්ට සම්පන්න වී නම්, දින‌යේ රැස්වී‌මේ ඉතිරි කාලය සඳහා ඔහු/ඇය‌ගේ සහභාගිත්වය අත්හිටුවා ඉවත් වන ‌ලෙස නි‌යෝග කිරීමට කථානායකතුමාට හැකිය.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks