07

E   |     |  

ආහාරපාන හා ගෘහපාලන දෙපාර්තමේන්තුව යටතේ ඇති අංශ

ආහාරපාන හා ගෘහපාලන දෙපාර්තමේන්තුව යටතේ ඇති අංශ

1982 ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නව පාර්ලිමේන්තු සංකීර්ණයට සපැමිණීම්ත් සමගම ආහාරපාන හා ගෘහ පාලන දෙපාර්තමේන්තුව පාර්ලමේන්තුවේ අළුත්ම දෙපාර්තමේන්තුවක් වශයෙන් බිහි වූයේ තරු පංතියේ හෝටල් ක්ෂේත්‍රයේ අන්තර්ජාතික ප්‍රමුඛ පෙලේ හෝටලයක් වූ ලංකා ඔබරෝයි හෝටලයේ තාක්ෂණික හා වෘත්තීයමය ප්‍රවීනත්ව මෙහෙයුම් හා උපදේශකත්වය යටතේය. පසු කලකදී මෙම දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුවේ ගරු කථානායකතුමාගේ කාර්ය මණ්ඩලයට අනුයුක්තව අද වන විට ක්‍රියාත්මකව පවතී.

මෙම අංශය වෙනමම ආහාර හා භෝජනාගාර ගෘහපාලන අධ්‍යක්ෂවරයෙකුගේ යටතට ගැනෙන අතර, මුළුතැන්ගෙය, භෝජනාගාර, ගෘහපාලන හා ගිණුම් වශයෙන් ප්‍රධාන උප අංශ  හතරක් යටතේ ක්‍රියාත්මක වෙයි.

ප්‍රධාන වශයෙන් ආහාරපාන භෝජනාගාර සේවා අංශ 12කින් සමන්විත වන අතර ආපනශාලා, විධායක භෝජනාගාර, ආහාර හා සැපයුම් අංශය, ප්‍රභූ භෝජනාගාර වශයෙන් සංවිධිත වන අතර ඉන් 5 ක් දිනපතාම ක්‍රියාත්මකතාවයේ පවතිමින් පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දින හැරුණු කොට දිනකට පුද්ගලයින් 1000 – 1200 අතර ප්‍රමාණයකට පහසුකම් සපයනු ලබයි.

අතිගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා, ගරු කථානායකතුමා, කැබිනට් අමාත්‍යතුමන්ලා මෙන්ම සෙසු පාර්ලමේන්තු මන්ත්‍රිතුමන්ලා ද ඔවුන්ගේ අමුත්තන්, රාජ්‍ය නිලධාරින් මෙන්ම ආරාධිත දේශීය විදේශීය  අමුත්තන්ද, පාර්ලිමේන්තු කාර්ය මන්ඩලයට මෙන්ම, ශ්‍රී ලංකා පොලිසිය, ලංකා විදුලිබල මණ්ඩලය, ජල සම්පාදන මණ්ඩලය, තැපැල් දෙපාර්තමේන්තුව, ලංකා බැංකුව ආදී අනුයුක්ත කාර්ය මණ්ඩල වලටද, විපක්ෂ නායක කාර්යාලය, ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්ය මණ්ඩල ඇතුළුව දිනකට 1200 -  1500 පමණ අනුමාන සංඛ්‍යාවකට පහසුකම් සැපයීමට නියමිතය.

දෙපාර්තමේන්තුවේ තවත් ප්‍රධාන රාජකාරියක් වන්නේ, මහල් 5 කින් සමන්විතවන සියළුම ගොඩනැගිල්ලේත්, සුවිශේෂී ප්‍රභූන්ගේ අවශ්‍යතාවයන් පරිදි ඉතාමත් උසස් තත්ත්වයේ සනීපාරක්ෂක කටයුතු මෙන්ම ගෘහ පාලන කටයුතු මෙහෙයවා ගැනීමයි. එමෙන්ම රාජකාරි මට්ටමෙන්ද වාත්තීය මට්ටමෙන්ද පාර්ලිමේන්තු පරිශ්‍රය  පරිහරණය කරන සෑම සියළු දෙනාටම යෝග්‍ය පරිදි ගෘහ පාලන සේවාව මැනවින් පවත්වා ගැනීමයි.

මෙම සමස්ත ක්‍රියාවලිය ඉෂ්ඨ සිද්ධ කරගැනීමෙහිලා මහඟු සම්තක් වන්නේ ගෘහපාලන ආහාරපාන මුළුතැන්ගෙයි කාර්ය මණ්ඩලයයි. නිසි වෘත්තීය පරිඥාණයෙන්, නිපුණතාවයෙන් මෙන්ම වසර ගණනාවක පළපුරුද්දෙන් යුත් මෙම කාර්යමණ්ඩලය සංඛ්‍යාවෙන් 260 ක්  පමණ වන අතර එදිනෙදා කටයුතු  මැනවින් මෙහෙයවා ගැනීම උදෙසා වඩාත් ඵලදායී සේවාවක් ඉටු කරනු ලැබේ.



දෙපාර්තමේන්තු ප්‍රධානී

දුරකථනය

0112606198

ඊ-මේල් ලිපිනය

raj_e@parliament.lk







© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks