07

E   |     |  

හැඳින්වීම

පාර්ලිමේන්තුව කල් තැබීම

පාර්ලිමේන්තුව ඊළඟ රැස්වන දිනය තෙක් කල් තැබීම වේ.

එසේ වුවද පැය හතළිස් අටකට වැඩි කල් තැබීමකදී, අග්‍රාමාත්‍යවරයා විසින් කථානායකවරයාට කරන ඉල්ලීමක‍ට අනුව ද පාර්ලිමේන්තුව කැඳවීමට හැකිය.

දිනට නියමිත ප්‍රධාන වැඩකටයුතු අවසන් වූ පසු පාර්ලිමේන්තුව ඊළඟ දිනයට කල් තැබීමට පෙර හදිසි පොදු වැදගත්කමක් ඇති කාරණයක් සාකච්ඡා කිරීමට පැය බාගයක කාලයක් වෙන් කරනු ලැබේ.

කල් තැබී‌මේ ‌යෝජනා වර්ග

  1. හදිසි පොදු වැදගත්කමකින් යුක්ත කාරණා සාකච්ඡා කිරීම. (පාර්ලිමේන්තුවේ ස්ථාවර නි‌‌යෝග අංක 19 බලන්න.)
  2. සභාවේ ප්‍රධාන වැඩකටයුතු අවසන් කිරීමෙන් පසුව “සභාව කල් තබන අවස්ථාවේ ‌යෝජනා” සඳහා පැය බාගයක කාලයක් වෙන් කිරීම.(පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 20 බලන්න.)
  3. පාර්ලි‌මේන්තු‌ කටයුතු පිළිබඳ කාරක සභා‌වේ තීරණය පරිදි ඉදිරිපත් කළ ‌හැකි යෝජනා.

කල් තැබී‌මේ ‌යෝජනා

(පාර්ලිමේන්තුවේ ස්ථාවර නි‌යෝග අංක 19)

මෙවැනි කල් තැබීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමේදී රැස්වීම ආරම්භ කිරීමට පෙර කථානායකවරයාගේ එකඟත්වය ලබා ගැනීමට ලිඛිත දැනුම් දීමක් කළ යුතු ය. පාර්ලිමේන්තුවේ අවසරය ද ලබා ගත යුතු ය.

එසේ පාර්ලිමේන්තුවේ අවසරය නොලැබුණු අවස්ථාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් 20ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සිය ආසන වලින් නැඟී සිට එම ඉල්ලීමට සහය දැක්වූ විට යෝජනාව ඉදිරිපත් කිරීමට හැකිය.

එවැනි අවසර ලත් යෝජනාවක් අ.භා. 5.00 ට ඉදිරිපත් කිරීමට හැකිය. යම් දිනකදී එවැනි යෝජනා එකකට පමණක් ඉඩ දෙනු ලැබේ.

තවද, කථානායකවරයා එකඟත්වය ලබා දීම ප්‍රතික්ෂේප කරන අවස්ථාවකදී එම යෝජනාවේ අනුමත කරන ලද කොටස අදාළ මන්ත්‍රීවරයාට කියවීමට ඉඩ දෙනු ලැබේ. ප්‍රතික්ෂේප කිරීමට හේතු වූ කාරණා කථානායකවරයා විසින් සභාවට ප්‍රකාශ කළ යුතු ය.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks