07

E   |     |  

බාගත කරන්න:

පාර්ලි‌මේන්තු‌වේ ස්ථාවර නි‌යෝග

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයන් සඳහා වන චර්යා ධර්ම සංග‍්‍රහය


පාර්ලි‌මේන්තු මන්ත්‍රීවරුන් සභා ගැ‌බේදී පිළිපැදිය යුතු හැසිරීම් රටාව සහ විවාදයන්හිදී පිළිපැදිය යුතු ක්‍රියා පිළි‌වෙත් නියාමනය කිරීම සඳහා එකඟ වූ නීති සමුදාය පාර්ලි‌මේන්තු‌වේ ස්ථාවර නි‌යෝග නමින් හැඳින්‌වේ. ස්ථාවර නි‌යෝගවල මුඛ්‍ය අරමුණ වනු‌යේ, පාර්ලි‌මේන්තුව විනයානුකූලවත්, අර්ථාන්විතවත් ක්‍රියාත්මක වීමට අවශ්‍ය ක්‍රියාපිළි‌වෙත් නිර්‌දේශ කිරීමයි. පාර්ලි‌මේන්තු ක්‍රියාපිළි‌වෙත් පිළිබඳ ඉතා වැදගත්ම මූලාශ්‍රය එය වන අතර, විවාද කිරීමටත් කරුණු විමසී‌මෙන් අනතුරුව තීන්දුවකට එළැඹීමටත් එමඟින් ප්‍රමාණවත් ඉඩකඩක් සපයයි. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජ‌යේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යට‌තේ එන නීති හා සමාන තත්ත්වයක් ස්ථාවර නි‌යෝග වලට ඇත.

ප්‍රථම ස්ථාවර නියෝග මාලාව යොදා ගෙන ඇත්‌තේ, 1912 දී එවකට පැවති ව්‍යවස්ථාදායක සභා‌වේදී බව ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තු‌වේ පුස්තකාල‌යේ ති‌බෙන වාර්තා ‌දෙස් ‌දෙයි. ඒවාට පදනම්ව ඇත්‌තේ එවක බ්‍රිතාන්‍ය පාර්ලි‌මේන්තු‌වේ පැවැති ඒවා ය. එබැවින්, පාර්ලි‌මේන්තු ඉතිහාස‌යේ ඒ ඒ අදියරයන්හිදී එවැනි නව ස්ථාවර නි‌යෝග විටින් විට හඳුන්වා ‌දෙනු ලැබ ති‌බේ.

යෝජනා සම්මතිය ප්‍රකාරව ස්ථාවර නි‌යෝග ප්‍රකාරව ක්‍රියාත්මක වීමට පාර්ලි‌මේන්තුවට හැකියාව ති‌බෙන බව 1978 ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජ‌යේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා‌වේ 74 වැනි ව්‍යවස්ථා‌වෙන් කියැ‌වේ. වත්මන් ස්ථාවර නි‌යෝග සකසන ලද්‌දේ 1978 ව්‍යවස්ථාවට අනුකූල වන පරිද්දෙන්, ඊට ‌පෙරාතුව පැවති ස්ථාවර නි‌යෝග වලට අදාළ නවීකරණයන් එක් කරමින් 1979 දී සම්මත කරගත් ඒවාය. සභාවට විටින් විට ස්ථාවර නි‌යෝග සං‌ශෝධනය කර ගත හැකිය. ස්ථාවර නි‌යෝග පිළිබඳ කාරක සභාවක් ස්ථාවර නි‌යෝග 116 යට‌තේ පත් කළ යුතුය.

කථානායකතුමා, නි‌යෝජ්‍ය කථානායකතුමාකාරක සභා නි‌යෝජ්‍ය සභාපතිතුමා සහ ‌තේරීම් කාරක සභාව විසින් නාමනය කරනු ලබන තවත් සාමාජිකයින් හය ‌දෙ‌නෙකු‌ගෙන් ‌මෙම කාරක සභාව සමන්විත විය යුතුය. ස්ථාවර නි‌යෝග පිළිබඳ කාරක සභා‌‌වේ කාර්ය භාරය වනු‌යේ පාර්ලි‌මේන්තු‌වේ ක්‍රියා පිළි‌වෙත් සහ එහි කටයුතු සිදුවිය යුතු ආකාරය පිළිබඳ ගැටලු සලකා බැලී‌මෙන් අනතුරුව ඊට උචිත යැයි හැඟී යන්නා වූ සං‌ශෝධන නිර්‌දේශ කිරීමයි. කාරක සභාවට දන්වා සං‌ශෝධන ‌යෝජනා කිරීමට ඕනෑම පාර්ලි‌මේන්තු මන්ත්‍රීවර‌යෙකුට ඉඩකඩ විවෘත වන අතර, එවිට කාරක සභාව විසින් එය සැලකිල්ලට ලක්කර එහි වාර්තාවට අඩංගු කරනු ඇත. සභා‌වේ විධිමත් අනුමැතිය ලැබ ඇතුළත් කර ගැනීම පිණිස, එම වාර්තාව සභාව ‌වෙත ඉදිරිපත් කළ යුතුය.

මහා මැතිවරණයකින් අනතුරුව පැවැත්‌වෙන ප්‍රථම සැසි වාර‌යේ සභා‌වේ කටයුතු, මන්ත්‍රීවරුන්ට අසුන් පැනවීම, කථානායකතුමා, නි‌යෝජ්‍ය කථානායකතුමා සහ කාරක සභා නි‌යෝජ්‍ය සභාපතිතුමා ‌තෝරා පත්කර ගැනීම, අභිනව‌යෙන් පත් වූ මන්ත්‍රීවරුන්‌ගේ දිවුරුම/ප්‍රතිඥාව සහ රැස්වීම්වල දිනය සහ කාලය නියම කර ගැනීම ආදී කාර්යයන් නියාමනය ‌කෙ‌රෙන්‌නේ වත්මන් සථාවර නි‌යෝග කට්ටලය මගිනි. ගණපූරණය සහ පාර්ලි‌මේන්තු‌වේ කටයුතු පාලනය වන්‌නේ ද ස්ථාවර නි‌යෝග මගිනි. හදිසි පනත් ‌කෙටුම්පත, පෞද්ගලික මන්ත්‍රී ‌යෝජනා, විසර්ජන පනත් ‌කෙටුම්පත, ඡන්දය ප්‍රකාශ කිරීම සහ ‌බෙදීම යනාදී අවස්ථාවලදී පිළිපැදිය යුතු ක්‍රියා පිළිවෙත් ස්ථාවර නි‌යෝගවල දක්වා ති‌බේ. විවාද වලදී පිළිපැදිය යුතු නීති, කථාවක් පවත්වන ‌මෙන්ම පාර්ලි‌මේන්තු‌වේ කථා ‌නොකරන මන්ත්‍රීවරුන්ට අදාළ නීති සහ සභා ගැ‌බේදී පිළිපැදිය යුතු රීති ආදිය ස්ථාවර නි‌යෝගවල පැහැදිලිව ‌සඳහන් වේ.

ජනාධිපතිවරයා, විනිශ්චයකාරවරු සහ අ‌නෙකුත් නිලධාරීන් ‌දෝෂාභි‌යෝගයට ලක් කිරී‌මේදී අනුගමනය කළ යුතු ක්‍රියා පිළි‌වෙත ද ස්ථාවර නි‌යෝගවල වි‌ශේෂිත වශ‌යෙන් දක්වා ති‌බේ. එපරිද්‌දෙන් ම, පාර්ලි‌මේන්තු‌වේ මහා ලේකම්, විගණකාධිපති, මැතිවරණ කොමසාරිස් සහ පරිපාලනය පිළිබඳ පාර්ලි‌මේන්තු ‌කොමසාරිස් තනතු‌රෙන් පහකළ යුතු ක්‍රියා පිළි‌වෙත සඳහා ද ප්‍රතිපාදන සලසා ති‌බේ.

පූර්ණ පාර්ලි‌මේන්තු‌ කාරක සභාව, වි‌ශේෂ කාරක සභාව, උප‌දේශක කාරක සභා සහ ගෘහ්‍ය කාරක සභාව, තෙරීම් කාරක සභාව, ස්ථාවර නි‌යෝග, පාර්ලි‌මේන්තු‌වේ ක‌ටයුතු, රජයේ ගිණුම්, පොදු ව්‍යාපාර, මහජන ‌පෙත්සම්, වරප්‍රසාද සහ උසස් තනතුරු යනාදී විශේෂ කාර්යයන් සඳහා පිහිටවනු ලබන කාරක සභා ආදි‌යේ ක‌ටයුතු සිදු කළ යුතු ආකාරය පිළිබඳ උප‌දෙස් මාලාවක් ද ස්ථාවර නි‌යෝග වල අන්තර්ගත ‌වේ.

අවශ්‍ය යැයි හැ‌ගෙන වි‌ටෙක ‌යෝජනාව මගින් ස්ථාවර නි‌යෝග අත්හිටුවීමට ද සභාවට බලය ති‌බේ. සභාව ඉදිරි‌යේ තබන ලද යම් කරුණක් සම්බන්ධ‌යෙන් ස්ථාවර නි‌යෝග අත්හිටවන ලද්දේ නම් එවැනි කරුණු නියාමනය කිරී‌මේ ‌ශේෂ බලයක්, කථානායකතුමා සතු වේ. ස්ථාවර නි‌යෝගවලට අනුගතව කථානායකතුමාට සහ එතුමා මගින් එක් එක් මන්ත්‍රීවරයා වෙත ද, ස්ථාවර නි‌යෝග නිවැරදිව අර්ථ කථනය කිරීම සහ ‌යොදා ගැනීම පිළිබඳව සහාය දැක්වීම පාර්ලි‌මේන්තු‌ මහා ‌ලේකම්වරයාගේ වගකීම වේ.



අදාළ සම්පත්




© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks