07

E   |     |  

මුදල් සහ සැපයුම් දෙපාර්ත‌මේන්තුව යටතේ ඇති අංශ

මුදල් හා සැපයුම් දෙපාර්තමේන්තුව විසින් පාර්ලිමේන්තුවේ කළමනාකරණ කටයුතුවලදී ප්‍රධාන මෙහෙයක් ඉටු කරනු ලබයි. අධ්‍යක්ෂ (මුදල්) මුදල් හා සැපයුම් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වේ.  ගිණුම් නිලධාරි ලෙස අධ්‍යක්ෂ මුදල් විසින් මූල්‍ය කටයුතුවලට අදාළ කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මහ ලේකම්තුමාට සෘජුවම වාර්තා කිරීම සහ උපදෙස් දීම සිදු කරනු ලබයි.

‘මුදල් හා ගිණුම්’ සහ ‘සැපයුම් හා සේවා’ යන කාර්යාංශ දෙකෙහි සහකාර අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු ප්‍රධානත්වය දරන අතර ‘ආහාරපාන ගිණුම් කාර්යාංශය’ ගණකාධිකාරිවරයෙකු යටතේ ක්‍රියාත්මක වේ.

 

ගිණුම් නිලධාරි වශයෙන් පැවරෙන සාමාන්‍ය වගකීම් ඉටු කිරීම සහ රජයේ මුදල් රෙගුලාසි, නීති, ප්‍රතිපත්ති සහ ක්‍රියා පටිපාටීන්ට අනුව මුදල් කළමනාකරණය කිරීම තහවුරු කිරීම සඳහා මුදල් පාලක කාර්යයන් ඉටු කිරීම ද අධ්‍යක්ෂ (මුදල්) යටතේ ඇති ප්‍රධාන කාර්ය භාරයන් වේ.

පහත සඳහන් කටයුතු මෙයට ඇතුළත් වේ:

(අ )      අය වැය සකස් කිරීම, මූල්‍ය විශ්ලේෂණ සිදුකිරීම සහ අරමුදල් අධීක්ෂණය, මූල්‍ය වාර්තා සකස් කිරීම, කාර්යක්ෂම ගිණුම්කරණ පද්ධතියක් සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම, වැටුප් ලේඛන පද්ධතිය කළමනාකරණය කිරීම සහ නිවැරදි අභ්‍යන්තර මූල්‍ය පද්ධතිය පවත්වා ගෙන යාම.

(ආ)      මුදල් සහ සැපයුම් දෙපාර්තමේන්තුවෙහි සියලුම කාර්යයන් සපුරාලීම සඳහා අවශ්‍ය මානව සම්පත් කාරයක්ෂම ලෙස භාවිතා කිරීම සහතික කරනු පිණිස, අංශ තුනෙහි කාර්යය මණ්ඩලයට නායකත්වය සහ උපදේශකත්වය සැපයීම.

 



දෙපාර්තමේන්තු ප්‍රධානී

ඊ-මේල් ලිපිනය

gamage_sk@parliament.lk







© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks