07

E   |     |  

ජනරජ‌යේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා‌වේ 4(අ) ව්‍යවස්ථාව ප්‍රකාර මහජනතාව ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කරනු ලබන්‌නේ ‌තෝරා පත්කර ගත් නි‌යෝජිතයන්‌ගෙන් සමන්විත පාර්ලිමේන්තුව විසිනි. එබැවින් මැතිවරණ ක්‍රමයට අදාළ මූලික විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා‌වේම අන්තර්ගත කර ති‌බේ.

ඡන්දබලය සහ මැතිවරණයන්ට අදාළ විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා‌වේ XIV පරිච්‌ඡේද‌යේ අඩංගුව ඇත.


ඡන්ද බලය

මැතිවරණයකදී ඡන්ද බලය ‌හෙවත් ඡන්ද අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා‌වේ විධිවිධානවල සඳහන් වන්‌නේ නි‌ශේධනාත්මක ස්වරූප‌යකිනි. ඒ අනුව 88 වැනි ව්‍යවස්ථාවේ සඳහන් වන්‌නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා‌වේ නිශ්චිත විධිවිධානයකින් නුසුදුස්‌සකු වී ‌නොමැති කල්හි සෑම පුද්ගල‌යෙකුටම ඡන්ද හිමි‌යෙකු ‌හෝ ඡන්ද දායක‌යෙකු වීමට හිමිකම් ලැබිය යුතු බවයි. එ‌හෙත් එකී පුද්ගලයා‌ගේ නම අදාළ ඡන්දහිමි නාම‌ලේඛන‌යේ ‌ලේඛනගත වීම මත එම අයිතිය රඳා පවතින බවත් එහි වැඩිදුරටත් සඳහන් ‌වේ. ඡන්දහිමි නාම‌ලේඛනය සැකසීම ඡන්ද හිමියන් ලියාපදිංචි කිරී‌මේ පන‌තේ දක්වා ඇති අතර එහි ‌වෙනත් කරුණු ද ඇති අතර සෑම ‌ලේඛනයක්ම වාර්ෂික පුනරීක්ෂණය සහ ලේඛනය ප්‍රකාශයට පත් කිරීම ඕනෑම පුද්ගල‌යෙකු ‌ලේඛනගත කිරීම පිළිබඳව කවර ‌හෝ වි‌රෝධය පෑමක් අවශ්‍ය වන කල්හි එසේ කිරීම සඳහා ද විධිවිධාන අන්තර්ගත ‌වෙයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා‌වේ 89 වැනි ව්‍යවස්ථා‌වේ ඡන්දහිමියෙකු හෝ ඡන්ද දායක‌යෙකු හෝ වශයෙන් ‌ලේඛනගතවීමට නුසුදුස්‌සෙකු වන පහත සඳහන් කරුණු සඳහන්ව ති‌බේ:

  1. ශ්‍රී ලංකා‌වේ පුරවැසි‌යෙකු ‌නොවීම.
  2. ඡන්ද හිමියන් ලියාපදිංචිකිරී‌මේ පන‌තේ වි‌ශේෂිතව දක්වා ඇති පරිදි ‌ලේඛනගතවීමට සුදුසුකම් ලබන දිනට වයස අවුරුදු 18 සපුරා නොතිබීම.
  3. අදාළ නීතියක් මගින් මනා මනසකින් යුක්ත ‌නොවන්‌නෙකු ‌ලෙස ප්‍රකාශිත පුද්ගල‌යෙකු.
  4. ලේඛනගත කිරී‌මේ දිනට වර්ෂ හතකට පූර්ව වකවානුව තුළ වර්ෂ දෙකකට ‌නොඅඩු සිර දඬුවමක් හිමිවන වරදකට මාස හයකට නොඅඩු කාලයක සිරදඬුවමක් විඳි අ‌යෙකු වීම.
  5. ලේඛනගත කිරී‌මේ දින‌යේ සිට වසර හතක් ඇතුළත මහා මැතිවරණයක, ජනාධිපතිවරණයක ‌හෝ ඕනෑම ජනමත විචාරණයක දී මැතිවරණ වරදකට වරදකරුවකු කර තිබීම.
  6. ඉහත (5) හි සඳහන් කළ නීතියක් යට‌තේ යම් අයථා ක්‍රියාවකට වරදකරුවකු කරනු ලැබූ ‌හෝ වරදකරු බවට හඳුනාගත් අ‌යෙකු වීම හෝ අල්ලස් ‌චෝදනාවකට වරදකරු කරනු ලැබීම ‌හෝ වරදකරු බවට හඳුනාගැනීම හෝ වරදකරු බවට හඳුනාගත් අ‌යෙකු වීම ‌හෝ අල්ලස් ‌චෝදනාවකට වරදකරු කරනු ලැබීම ‌හෝ වරදකරු බවට හඳුනාගැනීම.
  7. ආසන්නතම වසර පහ ඇතුළත දී පළාත් පාලන මැතිවරණ ආඥා පන‌තේ කවර ‌හෝ විධිවිධානයක් යට‌තේ වරදකට වරදකරු කරනු ලැබූ පුද්ගල‌යෙකු වීම.
  8. ඉකුත් ආසන්නතම වසර තුන තුළ දී ඉහත (5) හි වි‌ශේෂිතව සඳහන් කළ පරිදි ‌වෙනත් ඕනෑම නීතියක් යට‌තේ නීතිවි‌රෝධී චර්යාවක නිරත වීමට වරදකරු බවට හඳුනාගත් පුද්ගල‌යෙකු වීම.
  9. විශේෂ ජනාධිපති විමර්ශණ කොමිසමක පරීක්ෂණයක නිගමනවල ප්‍රතිඵලයක් වශ‌යෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව ප්‍රජා අශක්නුතාවයට ලක්කළ අ‌යෙකු වීම.


අදාළ සම්පත්




© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks