07

E   |     |  

පාර්ලිමේන්තුව රැස්වන දින

පාර්ලි‌මේන්තුව අන් ආකාරයකින් තීරණය කරන්නේ නම් මිස, පාර්ලිමේන්තුවේ ස්ථාවර නි‌යෝග 8(1) යටතේ නියම කරන ලද විධිවිධාන අනුව එක් එක් මාසයේ පළමුව යෙදෙන ඉරිදාට පසුව එළඹෙන සතියෙන් ආරම්භ කරමින් පළමුවැනි සහ තුන්වැනි සතිවල අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනයන්හි පාර්ලිමේන්තුව රැස්වේ.

කෙසේ වෙතත්, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 75 හි සඳහන් විධිවිධාන අනුව විසර්ජන පනත් කෙටුම්පත සලකා බැලීම සඳහා පාර්ලි‌මේන්තුව දින විසිහයක් රැස්වේ. පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවක් මඟින් මෙ‍ම වෙන්කළ දින ගණන අඩු කරගත හැකිය.

පාර්ලිමේන්තුව රැස්වන වේලාවන්

2023 අගෝස්තු මස 22 වන දින පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද යෝජනාවක් අනුව 2023 අගෝස්තු මස 22 වන දින සිට බලපැවැත්වෙන පරිදි අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 9.30 සිට ප.ව. 12.30 දක්වා සහ ප.ව. 1.00 සිට ප.ව. 5.30 දක්වා පාර්ලිමේන්තුව රැස් වේ.

ඒ අනුව, පාර්ලි‌මේන්තුව පහත සඳහන් පරිදි රැස්වේ:-

(අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල)

පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.30 දක්වා වාචික පිළිතුරු අ‌පේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 12.30 දක්වා සභාවේ ප්‍රධාන වැඩකටයුතු
ප.ව. 1.00 සිට ප.ව. 5.00 දක්වා
ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න 2යි) / සභාව කල් තබන අවස්ථාවේ ‌යෝජනාව

(දිවා භෝජන විවේකය ප.ව. 12.30 සිට ප.ව. 1.00 දක්වා වේ)

මාසයක පළමු රැස්වීම් සතියේ බදාදා දින වාචික පිළිතුරු අ‌පේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන්කර ඇති කාලයෙන් පැය බාගයක් අග්‍රාමාත්‍යවරයාගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා වෙන් කරනු ලැබේ. ඒ අනුව, ප්‍රශ්න ඇසීමේ කාල වේලාවන් පහත සඳහන් පරිදි වේ:-

බදාදා දිනවල

පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා අග්‍රාමාත්‍යවරයාගෙන් අසන ප්‍රශ්න (ප්‍රශ්න 4 යි)
පෙ.ව. 10.00 සිට පෙ.ව. 10.30 දක්වා වාචික පිළිතුරු අ‌පේක්ෂා කරන (ප්‍රශ්න 8 යි)





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks