E   |     |  

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව (2024 - මේ දක්වා)

ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය මෙනවිය, පා.ම. (2024 නොවැම්බර් 18 - මේ දක්වා)

(කොළඹ දිස්ත්‍රික්කය)


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව (2020 - 2024)

ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය මෙනවිය, පා.ම. (2024 සැප්තැම්බර් 24 - 2024 නොවැම්බර් 14)

(ජාතික ලැයිස්තුව)

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පා.ම. (2022 ජූලි 22* - 2024 සැප්තැම්බර් 21‡‡)

(කොළඹ දිස්ත්‍රික්කය)
*(2022.07.26 දිනැති අංක 2290/17 දරන ගැසට් පත්‍රය) (වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා ජනාධිපති ධුර‌යේ වැඩ භාර ගැනී‌මෙන් අනතුරුව ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍ය‌වරයා ‌ලෙස පත්කරන ලදී)
‡‡ ඉල්ලා අස්විය

ගරු රනිල් වික්‍රමසිංහ මහතා, පා.ම. (2022 මැයි 12* - 2022 ජූලි 20)

(ජාතික ලැයිස්තුව)
* (2022.05.13 දිනැති අංක 2279/23 දරන ගැසට් පත්‍රය)

ගරු මහින්ද රාජපක්ෂ මහතා, පා.ම. (2020 අගෝස්තු 09 - 2022 මැයි 09*)

(කුරුණෑගල දිස්ත්‍රික්කය)
*ඉල්ලා අස්විය

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම. (2024 මැයි 13 - 2024 මැයි 30)

dfds


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව (2015 - 2020)

ගරු මහින්ද රාජපක්ෂ මහතා, පා.ම. (2019 නොවැම්බර් 21 - 2020 අගෝස්තු 05)

(කුරුණෑගල දිස්ත්‍රික්කය)

ගරු රනිල් වික්‍රමසිංහ මහතා, පා.ම. (2018 දෙසැම්බර් 16 - 2019 නොවැම්බර් 21‡‡)

(කොළඹ දිස්ත්‍රික්කය)
(2018.12.16 දිනැති අංක 2101/40 දරන ගැසට් පත්‍රය)
‡‡ ඉල්ලා අස්විය

ගරු මහින්ද රාජපක්ෂ මහතා, පා.ම. (2018 ඔක්තෝබර් 26 - 2018 දෙසැම්බර් 15††)

(කුරුණෑගල දිස්ත්‍රික්කය)
(2018.10.26 දිනැති අංක 2094/44 දරන ගැසට් පත්‍රය)
†† (2018.12.16 දිනැති අංක 2101/39 දරන ගැසට් පත්‍රය)

ගරු රනිල් වික්‍රමසිංහ මහතා, පා.ම. (2015 අගෝස්තු 24 - 2018 ඔක්තෝබර් 26*)

(කොළඹ දිස්ත්‍රික්කය)
* (2018.10.26 දිනැති අංක 2094/43 දරන ගැසට් පත්‍රය)


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව (2010 - 2015)

ගරු රනිල් වික්‍රමසිංහ මහතා, පා.ම. (2015 ජනවාරි 09 - 2015 අගෝස්තු 21)

(කොළඹ දිස්ත්‍රික්කය)
(සිරිසේන මහතා ශ්‍රී ලංකා ජනාධිපති ධුරයේ වැඩ භාර ගැනී‌මෙන් අනතුරුව වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ‌ලෙස පත්කරන ලදී)

ගරු ගරු දි.මු. ජයරත්න මහතා, පා.ම. මහතා, පා.ම. (2010 අප්‍රේල් 21 - 2015 ජනවාරි 09)

(ජාතික ලැයිස්තුව)


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හයවන පාර්ලිමේන්තුව (2004 - 2010)

ගරු රත්නසිරි වික්‍රමනායක මහතා, පා.ම. (2005 නොවැම්බර් 19 - 2010 අප්‍රේල් 20)

(ජාතික ලැයිස්තුව)
(රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ජනාධිපති ධුරයේ වැඩ භාර ගැනී‌මෙන් අනතුරුව වික්‍රමනායක මහතා අග්‍රාමාත්‍යවරයා ‌ලෙස පත්කරන ලදී)

ගරු මහින්ද රාජපක්ෂ මහතා, පා.ම. (2004 අප්‍රේල් 06 - 2005 නොවැම්බර් 19)

(හම්බන්තොට දිස්ත්‍රික්කය)


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පස්වන පාර්ලිමේන්තුව (2001 - 2004)

ගරු රනිල් වික්‍රමසිංහ මහතා, පා.ම. (2001 දෙසැම්බර් 09 - 2004 අප්‍රේල් 02)

(කොළඹ දිස්ත්‍රික්කය)


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හතරවන පාර්ලිමේන්තුව (2000 - 2001)

ගරු රත්නසිරි වික්‍රමනායක මහතා, පා.ම. (2000 ඔක්තෝබර් 13 - 2001 දෙසැම්බර් 07)

(කළුතර දිස්ත්‍රික්කය)


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තෙවන පාර්ලිමේන්තුව (1994 - 2000)

ගරු රත්නසිරි වික්‍රමනායක මහතා, පා.ම. (2000 අගෝස්තු 10 - 2000 ඔක්තෝබර් 13)

(කළුතර දිස්ත්‍රික්කය)

ගරු බණ්ඩාරනායක, සිරිමා රත්වත්තේ ඩයස් මහත්මිය, පා.ම. (1994 නොවැම්බර් 14 - 2000 අගෝස්තු 09)

(ජාතික ලැයිස්තුව)
(කුමාරතුංග මහත්මිය ශ්‍රී ලංකා ජනාධිපති ධුරයේ වැඩ භාර ගැනී‌මෙන් අනතුරුව බණ්ඩාරනායක මහත්මිය අග්‍රාමාත්‍යවරිය ‌ලෙස පත්කරන ලදී)

ගරු කුමාරතුංග, චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය, පා.ම. (1994 අගෝස්තු 19 - 1994 නොවැම්බර් 12)

(ගම්පහ දිස්ත්‍රික්කය)


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දෙවන පාර්ලිමේන්තුව (1989 - 1994)

ගරු රනිල් වික්‍රමසිංහ මහතා, පා.ම. (1993 මැයි 07* - 1994 අගෝස්තු 19)

(ගම්පහ දිස්ත්‍රික්කය)
* (1993.05.07 දිනැති අංක 765/16 දරන ගැසට් පත්‍රය) (වි‌ජේතුංග මහතා ශ්‍රී ලංකා ජනාධිපති ධුර‌යේ වැඩ භාර ගැනී‌මෙන් අනතුරුව වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය‌වරයා ‌ලෙස පත්කරන ලදී)

ගරු විජේතුංග, විජේතුංග මුදියන්සේලාගේ ඩිංගිරි බණ්ඩා මහතා, පා.ම. (1990 මාර්තු 30* - 1993 මැයි 07)

(මහනුවර දිස්ත්‍රික්කය)
*නැවත පත්කරන ලදී (1990.03.30 දිනැති අංක 603/19 දරන ගැසට් පත්‍රය)

ගරු විජේතුංග, විජේතුංග මුදියන්සේලාගේ ඩිංගිරි බණ්ඩා මහතා, පා.ම. (1989 මාර්තු 06* - 1990 මාර්තු 28**)

(මහනුවර දිස්ත්‍රික්කය)
* (89.04.18 දිනැති අංක 554/10 දරන ගැසට් පත්‍රය)
** ඉල්ලා අස්විය


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ප්‍රථම පාර්ලිමේන්තුව (1978 - 1988)

ගරු ප්‍රේමදාස, රණසිංහ මහතා, පා.ම. (1978 සැප්තැම්බර් 07 - 1989 ජනවාරි 02)

(මැද කොළඹ - පළමු වැනි)


දෙවන ජාතික රාජ්‍ය සභාව (1977 - 1978)

ගරු ප්‍රේමදාස, රණසිංහ මහතා, පා.ම. (1978 පෙබරවාරි 06 - 1978 සැප්තැම්බර් 07)

(මැද කොළඹ - පළමු වැනි)
(ජයවර්ධන මහතා ශ්‍රී ලංකා ජනාධිපති තනතුරට පත්වී‌මෙන් අනතුරුව ‌ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍යවරයා ‌ලෙස පත් කරන ලදී)

ගරු ජයවර්ධන, ජූනියස් රිචඩ් ජයවර්ධන මහතා, පා.ම. (1977 ජූලි 23 - 1978 පෙබරවාරි 04)

(බටහිර ‌කොළඹ)


ප්‍රථම ජාතික රාජ්‍ය සභාව (1972 - 1977)

ගරු බණ්ඩාරනායක, සිරිමා රත්වත්තේ ඩයස් මහත්මිය, පා.ම. (1972 මැයි 22 - 1977 ජූලි 23)

(අත්තනගල්ල)


නියෝජිත මන්ත්‍රි මණ්ඩලයේ - හත්වන පාර්ලිමේන්තුව (1970 - 1972)

ගරු බණ්ඩාරනායක, සිරිමා රත්වත්තේ ඩයස් මහත්මිය, පා.ම. (1970 මැයි 29 - 1972 මැයි 22)

(අත්තනගල්ල)


නියෝජිත මන්ත්‍රි මණ්ඩලයේ - හයවන පාර්ලිමේන්තුව (1965 - 1970)

ගරු සේනානායක, ඩඩ්ලි ශෙල්ටන් මහතා, පා.ම. (1965 මාර්තු 25 - 1970 මැයි 29)

(දැදිගම)


නියෝජිත මන්ත්‍රි මණ්ඩලයේ - පස්වන පාර්ලිමේන්තුව (1960 - 1964)

ගරු බණ්ඩාරනායක, සිරිමා රත්වත්තේ ඩයස් මහත්මිය, පා.ම. (1960 ජූලි 21 - 1965 මාර්තු 25)

(ශ්‍රී ලංකා නිදහස් පක්ෂ‌යේ නායිකාව වූ එතුමිය 1960 ජූලි මස 21 වන දින අග්‍රාමාත්‍යවරිය ‌ලෙස පත් කරනු ලැබුවාය. නමුත් ඇය පාර්ලි‌මේන්තු‌ මන්ත්‍රීවරියක ‌නොවූ බැවින් අග්‍රාමාත්‍ය තනතු‌රේ කටයුතු කර‌ගෙන යනු පිණිස 1960 අ‌ගෝස්තු 02 වන දින උත්තර මන්ත්‍රී මණ්ඩලයට පත්කරනු ලැබුවාය).(බණ්ඩාරනායක මහත්මිය‌ගේ රජය 1964 ‌දෙසැම්බර් 03 වන දින සභා‌වේ පැවැත් වූ ස්තූති කථා‌වේදී පරාජයට පත් විය)


නියෝජිත මන්ත්‍රි මණ්ඩලයේ - සිව්වන පාර්ලිමේන්තුව (1960 - 1960)

ගරු සේනානායක, ඩඩ්ලි ශෙල්ටන් මහතා, පා.ම. (1960 මාර්තු 21 - 1960 ජූලි 21)

(දැදිගම)

(සේනානායක මහතා‌ගේ රජය 1960 අප්‍රේල් 22 වන දින පැවැත් වූ ස්තූති කථා‌වේදී පරාජයට පත්විය)


නියෝජිත මන්ත්‍රි මණ්ඩලයේ - තුන්වන පාර්ලිමේන්තුව (1956 - 1959)

ගරු (ආචාර්ය) දහනායක, විජයානන්ද මහතා, පා.ම. (1959 සැප්තැම්බර් 26 - 1960 මාර්තු 20)

(ගාල්ල)

(බණ්ඩාරනායක මහතා ඝාතනයට ලක් වී‌මෙන් අනතුරුව දහනායක මහතා අග්‍රාමාත්‍ය තනතුරට පත් කරන ලදී)

ගරු බණ්ඩාරනායක, සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් මහතා, පා.ම. (1956 අප්‍රේල් 12 - 1959 සැප්තැම්බර් 26)

(අත්තනගල්ල)


නියෝජිත මන්ත්‍රි මණ්ඩලයේ - දෙවන පාර්ලිමේන්තුව (1952 - 1956)

ගරු කොතලාවල, ජෝන් ලයනල් ජෙනරාල් (Sir) මහතා, පා.ම. (1953 ඔක්තෝබර් 12 - 1956 අප්‍රේල් 12)

(දොඩම්ගස්ලන්ද)

(සේනානායක මහතා අග්‍රාමාත්‍ය තනතුරින් ඉල්ලා අස්වී‌මෙන් පසු ශ්‍රීමත් ‌ජෝන් ‌කොතලාවල මහතා අග්‍රාමාත්‍යධුරයට පත් කරන ලදී)

ගරු සේනානායක, ඩඩ්ලි ශෙල්ටන් මහතා, පා.ම. (1953 ඔක්තෝබර් 12 - )

(දැදිගම)

(මහ මැතිවරණ‌යේදී ‌සේනානායක මහතායළි ජනවරමක් දිනාගත් බැවින් නැවත පත් කිරී‌මකින් ‌තොරව අග්‍රාමාත්‍යධුර‌යේ කටයුතු ක‌ළේය)


නියෝජිත මන්ත්‍රි මණ්ඩලයේ - පළමුවන පාර්ලිමේන්තුව (1947 - 1952)

ගරු සේනානායක, ඩඩ්ලි ශෙල්ටන් මහතා, පා.ම. (1952 මාර්තු 26 - )

(දැදිගම)

(සිය පියාණන් වූ මහාමාන්‍ය ඩී. එස්. ‌සේනානායක මැතිතුමා‌ගේ මරණ‌යෙන් පසු ඩඩ්ලි ‌සේනානායක මහතා අග්‍රාමාත්‍යවරයා ‌ලෙස පත් කරන ලදී)

ගරු මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතා, පා.ම. (1947 සැප්තැම්බර් 24 - 1952 මාර්තු 22)

(මීරිගම)

(මහාමාන්‍ය ඩී. එස්. ‌සේනානායක මැතිතුමා ශ්‍රී ලංකා‌වේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා විය)







© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks