07

E   |     |  


පාර්ලිමේන්තු විදු පියසට ඔබටත් ඇරයුම්

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව කවදත් ඔබට විවෘත ආයතනික ව්‍යුහයකි. පාර්ලිමේන්තු ක්‍රමවේදය, සම්ප්‍රදාය සහ පුරවැසි වගකීම සම්බන්ධව ඔබ සමඟ අපි නොයෙක් වර සාකච්ඡා කර ඇත්තෙමු.

පාර්ලිමේන්තු විදු පියස මඟින් අප උත්සාහ කරන්නේ පහත මාතෘකා ඇසුරෙන් ඔබව දැනුවත් කිරීමටයි.

  1. ප්‍රජාතන්ත්‍රවාදය හා පාර්ලිමේන්තුව
    1. ප්‍රජාතන්ත්‍රවාදයේ පරිණාමය
    2. ජනතා පරමාධිපත්‍යය
    3. පාර්ලිමේන්තුවේ කාර්‍යභාරය
    4. පාර්ලිමේන්තු සම්ප්‍රදාය
  1. පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය
  2. කාරක සභා සහ එහි ක්‍රියාකාරීත්වය
  3. ප්‍රජාතන්ත්‍රවාදය හා මාධ්‍ය වාර්තාකරණය
  4. පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය
  5. නිදහසෙන් පසු ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ
  6. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ කාර්‍යභාරය
  7. පාර්ලිමේන්තුව හා අනාගත පුරවැසියාගේ දායකත්වය

ඉහත මාතෘකා අතරින් තෝරාගත් මාතෘකා කිහිපයක් ඔස්සේ, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වසර ගණනක් සේවය කර අත්දැකීම් සහිත ප්‍රවීණ වෘත්තිකයන් සම්බන්ධ කර ගනිමින් මාර්ගගත ක්‍රමයට ඔබේ ගමට, ආයතනයට, පාසලට හෝ විශ්වවිද්‍යාලයට සුවිශේෂී වූ වැඩසටහන් පැවැත්වීමට, පාර්ලිමේන්තු විදු පියස දැන් සූදානමින් සිටී.

මෙවැනි වැඩසටහන් සඳහා ඔබේ ආයතනය/ සංවිධානය/ කණ්ඩායම කැමැත්තක් දක්වන්නේ නම් පහත සඳහන් තොරතුරු සම්පූර්ණ කරන ලද තොරතුරු පත්‍රිකාවක් අපගේ ඊමේල් ලිපිනයට හෝ අපගේ මහජන සේවා නිලධාරීන් හා සම්බන්ධ වී ලබා දී==මට කාරුණික වන්න. එලෙස ඔබ අප වෙත යොමු කරන තොරතුරු පත්‍රිකාව අනුව වැඩසටහන පැවැත්වීම සඳහා දිනය සහ වේලාව අපගේ නිලධාරීන් විසින් ඔබ වෙත ලබා දෙනු ඇත.

වැඩි විස්තර සඳහා කරුණාකර සන්නිවේදන දෙපාර්තමේන්තුව අමතන්න.

දුරකථන

0112777318 (මහජන සේවා අංශය)

0715352672 / 0779899085

ඊ-මේල් ලිපිනය

outreach@parliament.lk


වැඩසටහන්

පෙන්වන්න






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks