07

E   |     |  

Evolution of Parliament

යටත් විජිතවාදීන්‌ගේ පැමිණීමට ‌පෙර, ශ්‍රී ලංකා‌වේ තිබු‌ණේ රාජාණ්ඩු ක්‍රමයකි. ඉන් අනතුරුව පෘතුගීසි, ලන්‌දේසි සහ බ්‍රිතාන්‍ය පාලකයන් යට‌තේ පරිපාලනමය හා රාජ්‍යමය ‌වෙනස්කම් හදුන්වා ‌දෙන ලදි. මුහුදු බඩ පිහිටි ලන්‌දේසි පාලනය පැවති ප්‍ර‌දේශ ප්‍රථම‌යෙන් බ්‍රිතාන්‍ය පාලනයට යටත් වු අතර, 1815 දී උඩරට රාජධානිය ද බ්‍රිතාන්‍ය පාලනයට යටත් විය. කෝල්බෲක් කැමරන් ‌කොමිස‌මේ නිර්‌දේශවලට අනුකූලව, 1833 දී ශ්‍රීමත් ‌රොබට් ‌හෝටන් නමැති ආණ්ඩුකාරවරයා විසින් විධායක සභාව සහ ව්‍යවස්ථාදායක සභාව නම් වූ යටත් විජිත පාලනය පැවති ශ්‍රී ලංකා‌වේ ප්‍රථම ව්‍යවස්ථාදායක මණ්ඩල ‌දෙක පිහිටුවන ලදි.

ගාලු මුව‌දොර මහ සයුරට මුහුණ ලා පිහිටා ඇති පැරණි පාර්ලි‌මේන්තු ‌ගොඩනැගිල්ල ‌වෙත රැ‌ගෙන යනතුරු, විධායක සභාව සහ ව්‍යවස්ථාදායක සභාව රැස්වීම් පැවැත් වූ‌යේ දැනට වි‌දේශ කටයුතු අමාත්‍යාංශය පිහිටා ඇති දර්ශනීය ගෝඩන් උද්‍යානය ඉදිරිපස ඇති ගොඩනැගිල්‌ලේ ය. පැරණි පාර්ලි‌මේන්තු ‌ගොඩනැගිල්ල 1930 ජනවාරි 29 වන දින එවකට ආණ්ඩුකාරවරයා ‌ලෙස සිටි ශ්‍රීමත් හර්බට් ස්ටැන්ලි විසින් විවෘත කරන ලද අතර, ශ්‍රී ජයවර්ධන පුර ‌කෝට්ටේ පිහිටි නව පාර්ලි‌මේන්තු සංකීර්ණ‌ය ‌වෙත 1982 අ‌ප්‍රේල් මාස‌යේ දී ව්‍යවස්ථාදායකය රැ‌ගෙන යනතුරු එය රැස්වූ‌යේ ‌මෙම ‌ගොඩනැගිල්‌ලේ ය.

1944 දී ‌සෝල්බරී කොමිසම විසින් ‌වෙස්ට්මින්ස්ටර් ක්‍රමය හඳුන්වා ‌දෙන ලදි. පාර්ලි‌මේන්තුව රැජිණ‌ගෙන් (අග්‍රාණ්ඩුකාරවරයා විසින් නි‌යෝජනය කරන ලදි) සහ ‌සෙ‌‌නේට් සභාව සහ නි‌යෝජිත මන්ත්‍රී මණ්ඩලය යන සභා ‌දෙකකින් ද සමන්විත විය. නි‌යෝජිත මන්ත්‍රී මණ්ඩලය සාමාජිකයන් 101 ක් දෙ‌නෙකු‌ගෙන් සමන්විත වූ අතර, ‌සෙ‌නේට් සභාව සාමාජිකයන් 30 ‌දෙ‌නෙකු‌ගෙන් සමන්විත විය. සෙනේට් සභිකයන් 30 දෙනා අතුරින් 15 දෙනෙකු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් ‌තෝරා පත් කරන ලද අතර ඉතිරි 15 දෙනා අග්‍රාණ්ඩුකාරවරයා විසින් නම් කරන ලදී. සෙ‌නේට් සභාව 1971 ඔක්‌‌තෝබර් මස 2 වන දින අ‌හෝසි කරන ලදි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵලයක් ‌ලෙස ව්‍යවස්ථාදායක‌යේ නම පහත දැක්‌වෙන අයුරින් අවස්ථා කීපයකදීම ‌වෙනස් විය.

ශ්‍රී ජයවර්ධනපුර ‌කෝට්‌ටේ නගර‌යේ 111 වන වික්‍රමබාහු රජතුමා‌ගේ ප්‍රබල අග්‍රාමාත්‍යවරයා වූ, නිශ්ශංක අල‌කේෂ්වර‌ගේ මාළිගය පිහිටා තිබූ ස්ථාන‌යේ නව පාර්ලි‌මේන්තුව ඉදි කිරීම 1979 දී ආරම්භ වූ අතර එහි වැඩ කටයුතු 1982 දී නිමා ‌කෙරුණි. එඩ්වඩ් රීඩ් සහ ‌බෙග් සමාග‌මේ ‌ජෙෆ්රි බාවා මහතා ගෘහ නිර්මාණ ශිල්පියා ‌ලෙස ‌තෝරා ගන්නා ලද අතර මිට්සුයි සමාගම් ‌දෙකක් එක්ව සෑදුණු ජපන් සමාගමකට නව ‌ගොඩනැගිලි සංකීර්ණ‌යේ ඉදි කිරීම් ක‌ටයුතු පවරන ලදි.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks