07

E   |     |  

දීමනා සියළුම අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්
රැස්වීම් දීමනාව පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගිවීම වෙනුවෙන් එක් දිනක් සඳහා පැමිණීමේ දීමනාව රු. 2500/=.
කාරක සභා දීමනාව පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වෙන දිනවල රැස්වෙන කාරක සභා සඳහා සහභාගී වීම වෙනුවෙන් දිනකට රු. 2500/= බැගින්. (පාර්ලිමේන්තු රැස්වීම් දිනවල පැවැත්වෙන කිසිඳු කාරක සභාවකට සහභාගිවීම වෙනුවෙන් දීමනා ගෙවනු නොලැබේ)
කාර්යාල දීමනාව කාර්යාලයක් පවත්වාගෙන යාම සඳහා මසකට රු. 100,000/= ක් බැගින්.

දීමනා ගරු අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරු ගරු මන්ත්‍රීවරු
මන්ත්‍රී දීමනාව (වැටුප) පාර්ලිමේන්තුවෙන් ගෙවනු නොලැබේ රු. 54,285.00
සංග්‍රහ දීමනාව රු. 1,000/=
රියදුරු දීමනාව රු. 3,500/= (රියදුරු දීමනාව ගෙවනු ලබන්නේ රජයෙන් වැටුප් ලබන රියදුරෙක් නොමැති නම් පමණි)
ඉන්ධන දීමනාව එක් එක් මන්ත්‍රීවරයා/වරිය තේරී පත්වුණ දිස්ත්‍රික්කයේ සිට පාර්ලිමේන්තුවට ඇති දුර පදනම් කර ගණනය කළ ඩීසල් ලීටර ප්‍රමාණය සඳහා මාසයේ පළමු දිනට පවතින වෙළඳපොල මිළ ගණන් අනුව ගෙවනු ලැබේ. (උදා: කොළඹ ලී‍ටර් 283.94, ගම්පහ සහ කළුතර ලී‍ටර් 355.58)
දුරකථන දීමනාව ස්ථාවර දුරකථන හා ජංගම දුරකථන සඳහා මාසිකව රු. 50,000/= (දුරකථන බිල්පත් ගෙවීම හෝ ප්‍රතිපූර්ණය කරනු නොලැබේ)
පෞද්ගලික කාර්ය මණ්ඩල ප්‍රවාහන දීමනාව පෞද්ගලික කාර්ය මණ්ඩල සාමාජිකයන් 04 දෙනෙක් කාර්යාලයට පැමිණීම වෙනුවෙන් එක් ‍‍අයෙක් සඳහා රු. 2,500/= බැගින් මාසිකව රු. 10,000/=
නිදහස් තැපැල් පහසුකම් සෑම මන්ත්‍රීවරයෙකුටම වාර්ෂිකව රු. 350,000/= ක් වටිනා මුද්දර (එක් කාර්තුවකට රු. 87,500/= ක් බැගින්) ලබා දේ.

අධීක්ෂණ මන්ත්‍රී දීමනා, දුම්රිය බලපත්‍ර, යැපීම් දීමනා, නිල නිවාස දීමනා, පුවත් පත් දීමනා වැනි වෙනත් දීමනාවක් නොමැත.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks