07

E   |     |  

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ කාර්ය භාරය රටෙහි ප්‍රජාතන්ත්‍රවායදට සමීපව සම්බන්ධ වන විවිධ කාර්යයන් සහ වගකීම් වලින් සමන්විත වේ. ඉතාම වැදගත් කාර්යය වන්නේ ඔවුන්ට ඡන්දය දුන් ජනතාවගේ අභිලාෂයන් සහ ඔවුන්ගේ විවිධ වූ හඬ නියෝජනය කිරීමයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ජනතාවට තම බලාපොරොත්තු, පැමිණිලි සහ අවශ්‍යතා නීති සම්පාදනය කරන වැදගත් ස්ථානය තුළ ඉදිරිපත් කිරීමේ මාර්ගයක් ලෙස කටයුතු කරති.

ජනතාව නියෝජනය කරනවාට අමතරව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නීති සම්පාදනය කිරීමේ තීරණාත්මක භූමිකාවක්ත ද තිබේ. ඔවුහු ඉතාමත් වැදගත් සාකච්ඡා, සංවාද වලට සහභාගිවනවා මෙන්ම නීති සම්පාදනය කිරීම සහ ඒ පිළිබඳ සුපරීක්ෂාරී පිරික්සුමද, විවාද අවසානයේ ඒවාට ඡන්දය දීමද සිදු කරති. මෙමගින්, රටේ නීති පද්ධතිය නිසි ලෙස පවත්වාගෙන යාමට සහාය ලබා දෙයි. සියල්ලන්ටම ප්‍රගතිය, සාධාරණත්වය සහ යුක්තිය ප්‍රවර්ධනය කෙරෙන ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා ඔවුහු තම දැනුම සහ අදහස් භාවිතා කරති.

ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ආරක්ෂා කිරීම සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වගකීම දරති. තම ක්‍රියාවන් සහ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ආණ්ඩුව වගවන බව සහතික කිරීමේ බලය ඔවුන් සතු වේ. ආණ්ඩුවේ කටයුතු දෙස පරීක්ෂාවෙන් බලා සිටීමෙන් සහ එය අවංකව සහ විනිවිදභාවයෙන් යුතුව එහි රීති සහ කාර්යන් සිදුකරන බවට සහතික වීම තුළින් ඔවුහු එම කාර්යය සිදු කරති.

පාර්ලිමේන්තු කාරක සභාවලට සක්‍රිය ලෙස දායක වීම ඔවුන්ගේ කාර්යභාරයේ වැදගත් කොටසකි. මෙම කාරක සභාවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පාලනයේ විශේෂිත ක්ෂේත්‍ර අධ්‍යනය කිරීම, වැදගත් කරුණු විභාග කිරීම සහ රට මුහුණ පා තිබෙන හදිසි ගැටලු සම්බන්ධයෙන් කටයුතු කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳවද යෝජනා ඉදිරිපත් කරති. මෙම කාරක සභාවල කණ්ඩායම් හැඟීමෙන් යුතුව එක්ව කටයුතු කිරීම මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අධ්‍යාපනය, සෞඛ්‍ය, යටිතල පහසුකම් සහ ආර්ථික සංවර්ධනය වැනි ක්ෂේත්‍රවල පවතින දුෂ්කර අභියෝගවලට තම සාමූහික දැනුම තුළින් නව්‍යවූත් සුහුරුවූත් විසඳුම් සෙවීමට යුහුසුළුව කටයුතු කරති.

රටේ සහ ජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දැඩි කැපවීමෙන් යුතුව කටයුතු කරති. මින් අදහස් වන්නේ පාර්ලිමේන්තු රැස්වීම් වලට සහ කාරක සභා රැස්වීම් වලට සහභාගිවීම පමණක් නොව ජනතාව සමඟ විවෘත සන්නිවේදනයක් පවත්වාගැනීමයි. ඔවුන්, ජනතාවගේ ගැටළුවලට ප්‍රවේශමෙන් සවන් දෙවා පමණක් නොව, ඔවුන්ට සහාය දීමට වෙහෙස නොබලා කටයුතු කරති.

රටේ අනාගතය හැඩගැස්වීමෙහිලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැඩි බලපෑමක් සිදුකළ හැකි ය. රටේ ජනතාවගේ සාර්ථකත්වය සහ යහපත වැඩිදියුණු කිරීම අරමුණු කරගත් ප්‍රතිපත්ති සහ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී සහ සකස් කිරීමේ දී ඔවුහු සක්‍රිය ලෙස දායක වෙති. එය ආර්ථිකය වැඩිදියුණු කිරීමක් හෝ සාධාරණයත්වය සහ සමානත්මතාව ප්‍රවර්ධනය කිරීමක් හෝ පරිසරය සුරැකීමක් විය හැකි වන අතර, මෙරට, වඩා යහපත් සහ සාධාරණ අනාගතයක් කරා යොමුකරවීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සතුව තීරණාත්මක භූමිකාවක් තිබේ.

සාරාංශයක් ලෙස ගතහොත්, ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීම යනු දේශපාලන තනතුරක් හෙබවීම පමණක් නොවේ. එමගින් ජනතාවට සේවය කිරීම, ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් මෙන්ම මූලධර්ම ආරක්ෂා කිරීම, සහ රට ප්‍රගතිය සහ සාර්ථකත්වය වෙත යොමු කරවීම යන විශේෂ වගකීම් නියෝජනය වේ.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks