07

E   |     |  

  1. ස්ථාවර නියෝග 57 හෝ 51(3)(අ) යටතේ පනත් කෙටුම්පතක් හෝ පළාත් සභාවක යෝජිත ව්‍යවස්ථාවක් ස්ථාවර කාරක සභාවට යොමුකළ විට හෝ ස්ථාවර නියෝග 53 ප්‍රකාර පෞද්ගලික මන්ත්‍රීවරයකුගේ යෝජනාවක් ස්ථාවර කාරක සභාවට යොමු කළවිට ස්ථිර සාමාජිකයන්ට අමතරව ගරු කථානායකතුමා විසින් මන්ත්‍රීවරුන් 15 දෙනෙකු නම් කරන අතර ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් අට දෙනෙකුගේ නම් ද විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරුන් හත් දෙනෙකු‌ගේ නම් ද කැඳවීමත් ඉන් අනතුරුව ඒවා පාර්ලිමේන්තු‌වේ නිවේදනය කරවීමත් පනත් කෙටුම්පත් කාර්යාංශයේ වගකීමකි.
  2. කාරක සභාවේ රැස්වීමකට දිනයක් නියම කිරීමෙන් අනතුරුව, කාරක සභාවේ සියලුම සාමාජිකයන් හට රැස්වීමට සහභාගී වන ලෙසත් පනත් කෙටුම්පතට අදාළව භාර දීමට ඇති සංශෝධන කල් ඇතිව භාර දෙන ලෙසත් දන්වා කැඳවීමේ ලිපි යැවීමද පනත් කෙටුම්පත් කාර්යාලය විසින් සිදු කළ යුතු වේ. කාරක සභාවේ සාමාජිකයන්ට අමතරව නීතිපතිවරයා, නීතිකෙටුම්පත් සම්පාදකවරයා සහ අදාළ අමාත්‍යංශවල වෙනත් නිලධාරීන් හට ද කාරක සභා රැස්වීමට පැමිණෙන ලෙස ආරාධනය කෙරේ.
  3. පනත් ‌කෙටුම්පත, ස්ථාවර නි‌යෝග 113 ප්‍රකාර ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවකින් ‌හෝ ස්ථාවර නි‌යෝග 100 සහ 110 ප්‍රකාර වි‌ශේෂ කාරක සභාවකින් හෝ සලකා බලනු ලැබීමකින් අනතුරුව ‌යෝජනා කරනු ලැබී‌මෙන් එකඟ වූ සං‌ශෝධන සහ කාරක සභා‌වේ කාර්ය සටහන් ඇතුළත් කාරක සභා වාර්තාවක් පිළි‌යෙල කිරීම පනත් කෙටුම්පත් කාර්යාංශය සිදුකළ යුතු අතර ඉන් අනතුරුව එය භාෂා තු‌නෙන්ම සංසන්දනය කර කියවා බලා ස්ථාවර නි‌යෝග 68, 69 සහ 70 ප්‍රකාර මුද්‍රණය කරවා පාර්ලි‌මේන්තු‌වේ සභාගත කිරීම ද එම කාර්යාංශයේ වගකීමකි.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks