07

E   |     |  

සම්බන්ධීකරණ ඉංජිනේරු දෙපාර්තමේන්තුව යටතේ ඇති අංශ

සම්බන්ධීකරණ ඉංජිනේරු දෙපාර්තමේන්තුව යටතේ ඇති අංශ

ඉතිහාසය

පාර්ලිමෙන්තු සංකීර්ණයෙහි, කථානායකතුමාගේ නිල නිවසෙහි, ශ්‍රාවස්තියෙහි, ජයවඩනගම නිවාස සංකීර්ණයෙහි පිහිටි කාර්ය මණ්ඩල නිල නිවාසවල සහ නුවරඑළියේ පිහිටි සෙන්පති නිවසෙහි සිවිල් නඩත්තු කටයුතු සඳහා 1990 වර්ෂයේදී පිහිටුවන ලදී.

සමස්ත අරමුණු

විදුලි සෝපාන, ප්‍රධාන වායු සමීකරණ පද්ධතිය, සමීප රූප ආවේක්ෂණ කැමරා පද්ධතිය (සී. සී. ටී. වී.), ප්‍රධාන රූපවාහිනී ඇන්ටනා පද්ධතිය (මා. ටී. වී), ශබ්ද පද්ධතිය, ශීත කාමර ආදී සියළුම සේවා සහ උපකරණ මනාව ක්‍රියාත්මක වීම සහතික කිරීම සහ අනුබද්ධ දෙපාර්තමේන්තුවල නඩත්තු කටයුතු සම්බන්ධයෙන් වගකීම දැරීම (ලංකා විදුලි බල මණ්ඩලය, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය)

 

අනු අංශ සහ ඒවායේ දායකත්වය

විදුලි - විදුලි උපකරණ නඩත්තු කිරීම, අළුත්වැඩියා කිරීම සහ බලය සැපැයීම සහ නඩත්තු පිළිබඳ වගකීම ද දැරීම. (විදුලි සෝපාන, වායු සමීකරණ යන්ත්‍ර, සමීප රූප ආවේක්ෂණ කැමරා පද්ධතිය, ප්‍රධාන රූපවාහිනී ඇන්ටනා පද්ධතිය, ශබ්ද පද්ධති - සභා ගර්භය සහ කාරක සභා කාමර) සහ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුළ විදුලි බල සැපැයුම සහ සවිකිරීම් පිළිබඳ වගකීම ද දැරීම. නව ඉදිකිරීම් සඳහා මිල ගණන් කැඳවීමේ ලේඛන පිළියෙල කිරීම.

සිවිල් - පාර්ලිමේන්තු ගොඩනැගිල්ලෙහි අළුත්වැඩියා සහ පිළිසකර කටයුතු පිළිබඳව සැලකිලිමත් වීම සහ ගොඩනැගිලි සංකීර්ණයෙහි නව ඉදිකිරීම් සිදු කිරීම, නව ඉදිකිරීම් සඳහා මිල ගණන් කැඳවීමේ ලේඛන පිළියෙල කිරීම.

 

සම්බන්ධීකරණ ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ කාර්යයන්

පාර්ලිමේන්තු සංකීර්ණයේ, ගරු කථානායකතුමාගේ නිල නිවසේ, මාදිවෙල නිවාස සංකීර්ණයේ, නුවරඑළිය සෙන්පති මැදුරේ, ජයවඩනගම කාර්ය මණ්ඩල නිල නිවාස සහ පාර්ලිමේන්තු පොලිස් නිල නිවාස යනාදියෙහි තාක්ෂණික ස්වරූපයේ සියලුම කාර්යයන් (තොරතුරු තාක්ෂණයට අදාළ කාර්යයන් හැර ) ඉටුකිරීමේ වගකීම මෙම දෙපාර්තමේන්තුව සතු වේ.

  1. විදුලි, විද්‍යුත් සහ යාන්ත්‍රික උපකරණ සහ පද්ධති මිලදී ගැනීම සඳහා වන ටෙන්ඩර් ලිපි ලේඛන සකස් කිරීම.
  2. සිවිල් ඉදකිරීම්, ගොඩනැගිලි තුළ කාමර බෙදා වෙන්කිරීම්, නවීකරණය කිරීම් සහ කාර්යාල උපකරණ සඳහා කොන්ත්‍රාත් ලබාදීමට අදාළ ටෙන්ඩර් ලිපි ලේඛන සකස් කිරීම.
  3. මිලදී ගැනීම් කමිටු හෝ තාක්ෂණික ඇගයීම් කමිටුවල සභාපති හෝ සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීම.
  4. පාර්ලිමේන්තු සංකීර්ණයේ, ගරු කථානායකතුමාගේ නිල නිවසේ, මාදිවෙල නිවාස සංකීර්ණයේ, නුවරඑළිය සෙන්පති මැදුරේ, ජයවඩනගම කාර්ය මණ්ඩල නිල නිවාස සහ පාර්ලිමේන්තු පොලිස් නිල නිවාස යනාදියෙහි නව සිවිල් ඉදිකිරීම් සහ සිවිල් නඩත්තු කටයුතුවලට අදාළ සියළුම ක්‍රියාකාරකම් අධීක්ෂණය කිරීම.
  5. පාර්ලිමේන්තු සභා ගර්භයේ ශබ්ද විකාශන පද්ධතිය සහ කාරක සභා කාමරවල ඇති අනෙකුත් ශබ්ද විකාශන පද්ධතීන් ක්‍රියාත්මක කිරීම සහ නඩත්තු කිරීමට අදාළ කටයුතු අධීක්ෂණය කිරිම.
  6. පාර්ලිමේන්තු රැස්වීම්වල කටයුතු ශ්‍රව්‍ය/ දෘෂ්‍ය පටිගත කිරීම, සංස්කරණය කිරිම,  නිර්මාණය කිරීම සහ ඩී.වී.ඩී./ සී.ඩී තැටිවලට පිටපත් කිරීම ඇතුළුව සී.සී.ටී.වී. පද්ධතිය ක්‍රියා කරවීම සහ නඩත්තු කිරීමට අදාළ ක්‍රියාකාරකම් අධීක්ෂණය කිරීම.
  7. මධ්‍යම වායු සමීකරණ පද්ධතිය, සී.සී.ටී.වී. ආරක්ෂක පරීක්ෂණ පද්ධතිය, එම්.ඒ.ටී.වී.  පද්ධතිය, ප්‍රධාන දුරකථන හුවමාරුව, පී.ඒ. පද්ධතිය, වාහන කැඳවීමේ පද්ධතිය, ගණපූර්ණ සීනු පද්ධතිය සහ ශීත කාමර ඇතුළුව සියලුම මුළුතැන්ගේ උපකරණ දෛනික නඩත්තු කටයුතු සිදු කිරීම.
  8. සහායක දෙපාර්තමේන්තු, ලං.වි.ම සහ ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට අදාළ සියලුම ක්‍රියාත්මක කිරීමේ කටයුතුවල වගකීම දැරීම.

 



දෙපාර්තමේන්තු ප්‍රධානී

දුරකථනය

0332232987

ඊ-මේල් ලිපිනය

lalith_a@parliament.lk







© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks