පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විවිධ අරමුණු සඳහා ඡන්දය විමසනු ලැබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 (1) (ආ) ප්‍රකාරව පාර්ලිමේන්තුව විසින් ජනාධිපතිවරයකු තෝරා පත්කර ගනු ලැබීමේ අවස්ථාවකදී පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 7 හි සඳහන් කාර්ය පටිපාටියට අනුව රහස් ඡන්දයක් පවත්වා ජනාධිපතිවරයා හැකිතාක් ඉක්මනින් තෝරා පත් කර ගත යුතුය.
අභිනවයෙන් පත්වූ පාර්ලිමේන්තුවක පළමු කාර්යය වනුයේ මූලාසනය දැරීම සඳහා ඉහත සඳහන් ධූරයන් වෙනුවෙන් මන්ත්‍රීවරයන් තෝරා පත්කර ගැනීමයි. අභිනව පාර්ලිමේන්තුවක ප්‍රථම රැස්වීමේදී හෝ තනතුරේ පුරප්පාඩුවක් පැනනැගුණු කල්හි හෝ කථානායකවරයෙකු පත්කර ගත යුතුවේ. මෙහිදී පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 4 හි සඳහන් කාර්ය පටිපාටිය අනුගමනය කරනු ලැබේ.
එම ස්ථාවර නියෝගයෙහි සඳහන් පරිදි කථානායක ධූරයට යම් මන්ත්‍රීවරයකුගේ නමක් යෝජනා කිරීමට ට වෙනත් මන්ත්‍රීවරයකුට හැකිය. (මෙහිදී එකී ධූරයෙහි කටයුතු කිරීමට අදාළ මන්ත්‍රීවරයා රිසි ද යන්න කලින් විමසා දැනගත යුතුය.) එක් නමක් පමණක් යෝජනා වී එය ස්ථීර කරනු ලැබූ විට, එම නම සඳහන් මන්ත්‍රීවරයා කථානායකවරයා ලෙස තෝරා පත්කර ගනු ලැබූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා විසින් ප්‍රශ්නය නොවිමසා ප්‍රකාශයට පත්කළ යුතු වේ. එනමුත් කථානායක ධූරය සඳහා එකකට වැඩි නම් සංඛ්‍යාවක් යෝජනා කොට ස්ථිර කරනු ලැබ ඇත්නම් ඡන්දය විමසිය යුතු වේ. බෙදුම් සීනු මිනිත්තු පහක් නාදකිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා විසින් සෑම මන්ත්‍රීවරයකුටම ඡන්ද පත්‍රිකාව බැගින් ලබාදිය යුතු අතර මන්ත්‍රීවරයන් විසින් ඡන්දය දීමට රිසි මන්ත්‍රීවරයාගේ නම ලියනු ලැබීමෙන් අනතුරුව නම නොපෙනෙන ලෙස ඡන්ද පත්‍රිකාව නමා සිය අත්සන ද එහි යෙදිය යුතුය.
ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා විසින් ඡන්ද පත්‍රිකා එකතුකර පාර්ලිමේන්තුවේ සභාමේසය මත දී ගණනය කර ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කළ යුතුය. නියෝජ්‍ය කථානායකවරයකු සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයකු තෝරා පත්කර ගනු ලැබීමේ කාර්ය පටිපාටිය එම ඡන්ද විමසීම කථානායකවරයා විසින් පවත්වනු ලැබිය යුතු බව හැර, කථානායකවරයකු ඡන්දයෙන් තෝරා පත්කර ගැනීමේ දී අනුගමනය කරනු ලබන කාර්ය පටිපාටියට හැකි තරම් සමාන විය යුතුය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය සංශෝධන, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල වූ පනත් කෙටුම්පත්, ආයෝජන ගිවිසුම් සහ එකඟතාවන් සම්මත කර ගැනීමේදී විශේෂිත වූ ක්‍රියාපිළිවෙතක් අනුගමනය කළ යුතු වේ. මේ අවස්ථාවේදී විශේෂ බහුතරය (2/3) අවශ්‍ය වන අතර අනාගතයේදී විමසා බැලිය හැකි වන පරිදි නිශ්චිතව නමෙන් සටහන් තබාගත යුතුය. මෙකී විශේෂ බහුතර ඡන්දය දෙවැනි වර කියවීමේදී පමණක් නොව, තෙවැනි වර කියවීමේදීත් ලබාගත යුතු වේ. කාරක සභා අවස්ථාවේදී ගෙන එන සියලුම සංශෝධනයන්ට ද තුනෙන් දෙකේ බහුතර ඡන්දය අවශ්‍ය වේ.
මන්ත්‍රීවරුන්ගේ ඡන්ද සමානව බෙදී ඇති අවස්ථාවක දී කථානායකවරයා හෝ මූලාසනාරූඪ මන්ත්‍රීවරයාට සිය තීරක ඡන්දය ප්‍රකාශ කිරීමට අවසරය තිබේ.
ඇතැම් යෝජනා සම්මත කර ගැනීමේදී සභාවේ ගණපූරණය (20) තිබිය යුතුය. යම්කිසි විශේෂිත කටයුත්තක් පිළිබඳව සලකා බැලීමට හෝ ඒ පිළිබඳව අභිමත පරිදි ක්‍රියාකිරීමට පමණක් ඕනෑම අවස්ථාවකදී මන්ත්‍රීවරයන්ගේ බහුතරය විසින් දැනුම්දීමකින් අනතුරුව, ස්ථාවර නියෝග එකක් හෝ ඊට වැඩි ගණනක් අත්හිටුවීමට අවශ්‍ය විධිවිධාන පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 138 හි දක්වා තිබේ. කෙසේ නමුත් මෙකී නියෝගය ප්‍රකාර ගෙන එනු ලබන යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයෙකු විසින් ගෙන එනු ලැබූ අවස්ථාවකදී හැර අන් අවස්ථාවකදී ඡන්දයකින් තීරණය කළ යුතු අතර, ඊට සහාය දක්වමින් ඡන්දය දී ඇත්‌තේ මන්ත්‍රීවරු විසි දෙනෙකුට අඩු සංඛ්‍යාවක් නම් එම යෝජනාව පරාජය වූ බවට ප්‍රකාශයට පත් කළ යුතුවේ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks
රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය (ලෝකඩ සම්මානය)
හොඳම සිංහල වෙබ් අඩවිය
හොඳම දෙමළ වෙබ් අඩවිය
රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය (රජත සම්මානය)
හොඳම සිංහල වෙබ් අඩවිය (ලෝකඩ සම්මානය)
හොඳම දෙමළ වෙබ් අඩවිය (රජත සම්මානය)
රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය (රජත සම්මානය)
රාජ්‍ය අංශයේ ජනප්‍රියතම වෙබ් අඩවිය
හොඳම සිංහල වෙබ් අඩවිය
හොඳම දෙමළ වෙබ් අඩවිය
රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය
හොඳම සිංහල වෙබ් අඩවිය
හොඳම දෙමළ වෙබ් අඩවිය
රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය
හොඳම සිංහල වෙබ් අඩවිය (ලෝකඩ සම්මානය)
හොඳම දෙමළ වෙබ් අඩවිය
රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය (රජත සම්මානය)
හොඳම සිංහල වෙබ් අඩවිය (ලෝකඩ සම්මානය)
හොඳම දෙමළ වෙබ් අඩවිය
රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය
රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය
ජනප්‍රියතම වෙබ් අඩවිය (දෙමළ අංශය)