පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
පාර්ලිමේන්තුවේ වැඩකටයුතු පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 22 ප්‍රකාරව පහත සඳහන් අනුපිළිවෙළට සිදු කරනු ලැබේ.
පෙන්වන්න
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මහ ලේකම්වරයා විසින් ප‍්‍රතිඥා දීම හෝ දිවුරුම් දීම කරවනු ලැබේ.
කථානායකවරයා/ නියෝජ්‍ය කථානායකවරයා/ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා හෝ මූලාසනාරූඪ මන්ත්‍රීවරයකු හෝ විසින් ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ කියවනු ලැබේ.
පාර්ලිමේන්තුවට අදාළ සියලුම කාර්යයන් සම්බන්ධ නිවේදන කථානායකවරයා විසින් ඉදිරිපත් කරනු ලැබේ. ඒවා නම් පනත් කෙටුම්පත්, ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණ, පනත් කෙටුම්පත් සහතික කිරීම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්‌ගේ අභාවයන් පිළිබඳ දැනුම්දීම්, සභාපති නාමාවලියේ සාමාජික මන්ත්‍රීවරයන් හා කාරක සභා පත්කිරීම් යනාදිය වේ.
කථානායකවරයාට, අමාත්‍යවරයකුට හෝ නියෝජ්‍ය අමාත්‍යවරයකුට පමණක් ලිපිලේඛනාදිය පිළිගැන්විය හැකිය.
පාර්ලිමේන්තු කාරක සභා සම්බන්ධ වාර්තා පිළිගන්වනු ලබන්නේ අදාළ කාරක සභාවේ සභාපතිවරයා විසිනි. අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවල වාර්තා අදාළ විෂය භාර අමාත්‍යවරයා විසින් පිළිගන්වනු ලැබේ.
පරිපාලන දුෂ්කරතා සම්බන්‌ධයෙන් සහනයක් ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් මගින් පාර්ලිමේන්තුවට මහජන පෙත්සම් ඉදිරිපත් කිරීමට මහජනතාවට අවකාශ ඇත.
පාර්ලිමේන්තුවේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ඇසීමේ අවස්ථාවේදී, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, පොදු ප්‍රශ්න හෝ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති විෂයයන් පිළිබඳව අග‍්‍රාමාත්‍යවරයාගෙන් හෝ අමාත්‍යාංශවලට පැවරී ඇති විෂයයන් හා කාර්යයන්ට අදාළ කටයුතු සම්බන්ධයෙන් අදාළ අමාත්‍යාංශයීය වගකීම ඇති අමාත්‍යවරයන්ගෙන් වාචික ප්‍රශ්න අසනු ලැබිය හැකිය. එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට රැස්වීම් දිනයක උපරිමව වාචික ප්‍රශ්න 2 ක් පමණක් අසනු ලැබිය හැකි අතර ප්‍රශ්න ඇසීමේ කාලය අඟහරුවාදා සහ බදාදා දින වලදී ප.ව. 1.00 සිට ප.ව. 2.00 දක්වාත් බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දින වලදී පෙ.ව. 10.30 සිට පෙ.ව.11.30 දක්වාත් වේ.
අමාත්‍යවරයන්ගේ ප්‍රකාශ, පොදු වැදගත්කමකින් යුත් කරුණු, රජයේ ප්‍රතිපත්ති, විදේශ සංචාරවලින් ලැබුණු ප්‍රතිඵල, රජය හා විදේශ ආණ්ඩු හෝ නියෝජිතායතන සමඟ ඇති කරගනු ලබන ගිවිසුම් මෙයට ඇතුළත් වේ. එවැනි නිවේදන පිළිබඳව කථානායකවරයාට පූර්ව දැනුම්දීමක් කළ යුතුය. සභාව හමුවේ කරනු ලබන වැරදි හෝ සාවද්‍ය ප්‍රකාශ නිවැරදි කිරීම සඳහා ද අමාත්‍යවරයකුට එවැනි නිවේදන ඉදිරිපත් කළ හැකිය. එහිදී ප්‍රශ්න ඇසීමට අවස්ථාවක් නොලැබුණ ද, පසු දිනකදී ඒ පිළිබඳ විවාද කිරීමේ අවස්ථාව ලබාගත හැකිය.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks