E   |     |  

 දිනය: 2018-10-26   පිළිතුර ලබා දී ඇත 

0507/ 2018 - ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1741/’17

      ගරු චමින්ද වි‍ජේසිරි මහතා,— පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       ඌව පළාත් සභාව යටතේ පාලනය වන ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ 2010 වර්ෂයේ සිට අද දක්වා සේවයේ නියුතු මුළු සේවක සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (ii) වත්මන් යහපාලන රජය බලයට පත්වීමෙන් අනතුරුව එම අධිකාරියේ මේ දක්වා ලබාදී ඇති රැකියා සංඛ්‍යාව කොපමණද;

      (iii) එසේ රැකියා ලබාදුන් අයගේ නම්, ලිපිනයන් හා තනතුරු නාම කවරේද;

      (iv) එම තනතුරු සඳහා බඳවා ගැනීමේදී අනුගමනය කළ ක්‍රමවේදය කවරේද;

      (v) ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සේවකයන්ගේ සුභසාධනය සඳහා ඌව පළාත් සභාව ගෙන ඇති පියවර කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2018-10-26

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

පළාත්සභා, පළාත් පාලන සහ ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks