පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
544/’18
ගරු වාසුදේව නානායක්කාර මහතා,— විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ලංකා විදුලිබල මණ්ඩලයේ, මධ්‍යම, වයඹ, උතුරු, උතුරු මැද හා නැගෙනහිර ඇමතුම් මධ්‍යස්ථාන තුළ මිනිස්බල සේවකයන් 83 දෙනෙකු ඇමතුම් නිලධාරින් ලෙස වසර 03කට අධික කාලයක් පැය 24 පුරා සේවා මුර 03ක් යටතේ මහජන සේවයේ යෙදී සිටින බවත්;
(ii) මිනිස් බල සමාගම් හරහා කොන්ත්‍රාත් පදනම මත සේවය කළ 6700කට වැඩි පිරිසක් ලංකා විදුලිබල මණ්ඩලයේ ස්ථිර හා අනියම් කාර්ය මණ්ඩලයට 2016.01.01 දින හා 2016.10.18 යන දිනයන්හිදී බඳවා ගත්තද, ඉහත 83 දෙනාගේ සේවයේ ස්ථිර කිරීමක් නොමැතිව තවමත් මිනිස් බල සමාගම් හරහා අඛණ්ඩව සේවය කරන බවත්;
(iii) ලංකා විදුලිබල මණ්ඩල පාලන අධිකාරිය විසින් ඔවුන් සේවයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) ඔවුන්ගේ සේවය පිළිබඳව සලකා බලා ඔවුන් ලංකා විදුලිබල මණ්ඩලයේ ස්ථිර හෝ තාවකාලික සේවයට අන්තර්ග්‍රහණය කිරීමට පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2018-10-11
අසන ලද්දේ
ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
2
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks