පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2284/’17
ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකා ගුරු සේවයේ 3(1) ශ්‍රේණියට උපාධිධාරින් බඳවා ගැනීම සඳහා 2017 වර්ෂයේ විභාගය පැවති දිනය කවරේද;
(ii) ජාතික පාසල්වල පවතින ගුරු පුරප්පාඩු පිරවීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් පැවති මෙම විභාගය සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවති බව පිළිගන්නේද;
(iii) එම නිසා, විභාග අපේක්ෂකයන්ට ඉහත ඕනෑම භාෂාවකින් පිළිතුරු සැපයිය හැකි වූ බව පිළිගන්නේද;
(iv) ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා සිංහල භාෂාවෙන් පිළිතුරු සැපයූ අපේක්ෂකයන්ට තේරී පත්වීමට අවස්ථාවක් ලබා නොදී තිබේද;
(v) එසේ නම්, සිංහල මාධ්‍ය ප්‍රශ්න පත්‍රයටද ඉංග්‍රීසි මාධ්‍යයෙන් පිළිතුරු සැපයිය යුතුයැයි අදාළ විභාගය සඳහා අයදුම්පත් කැඳවූ ගැසට් පත්‍රයේ හෝ වෙනත් ආකාරයකින් පූර්ව දැනුම්දීමක් කර තිබුනේද;
(vi) ඉංග්‍රීසි ගුරු පුරප්පාඩු සඳහා සිංහල මාධ්‍යයෙන් පිළිතුරු සැපයීම නුසුදුසුකමක් වන්නේ යැයි පූර්ව දැනුම්දීමක් කර නොතිබියදී, සිංහල මාධ්‍යයෙන් පිළිතුරු සැපයූ අපේක්ෂකයන් තෝරා නොගැනීමෙන් අසාධාරණයක් සිදුවී ඇති බව පිළිගන්නේද;
(vii) එසේ නම්, ඒ සඳහා ගනු ලබන පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2018-08-21
අසන ලද්දේ
ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
2
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks