E   |     |  

 දිනය: 2018-08-24   පිළිතුර ලබා දී ඇත 

0990/ 2018 - ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 990/’18

      ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා,— උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      අම්පාර දිස්ත්‍රික්කයේ, අම්පාර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ  පිහිටි හඳුනාගත් පුරාවිද්‍යාත්මක ස්ථාන සංඛ්‍යාව හා ඒවායේ නම් කවරේද;

                   (ii)      එම කොට්ඨාසය තුළ කැණීම් නොකරන ලද එහෙත්, හඳුනාගත් පුරාවිද්‍යාත්මක ස්ථාන පිහිටා තිබේද;

      (iii) එසේ නම්, ඒවා කවරේද;

      (iv) ඉහත කොට්ඨාසයේ පිහිටි පුරාවිද්‍යාත්මක වැදගත්කමක් සහිත රජමහා විහාර සංඛ්‍යාව කොපමණද; ඒ පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන්නේද;

      (v) ඉහත පුරාවිද්‍යාත්මක ස්ථානවල සංරක්ෂණ කටයුතු වෙනුවෙන් වෙන් කර ඇති ප්‍රතිපාදන පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2018-08-24

අසන ලද්දේ

ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks