E   |     |  

 දිනය: 2018-10-26   පිළිතුර ලබා දී ඇත 

0999/ 2018 - ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 999/’18

      ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා,— වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      2015, 2016 සහ 2017 වර්ෂවලදී අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රතිසංස්කරණය කරන ලද සුළු, මධ්‍යම හා මහා පරිමාණ වාරිමාර්ග කවරේද;

                  (ii)      එක් එක් ප්‍රතිසංස්කරණ කටයුත්ත සඳහා ඇස්තමේන්තුගත මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (iii) එම ප්‍රතිසංස්කරණ කටයුතු  සඳහා ටෙන්ඩර් කැඳවනු ලැබුවේද;

      (iv) එසේ නම්, එම ටෙන්ඩර් ලබාගත් කොන්ත්‍රාත්කරුවන්ගේ ලේඛනයක් ඉදිරිපත් කරන්නේද;

      (v) ඉහත එක් එක් වර්ෂවලට අදාළ ප්‍රතිසංස්කරණ කටයුතුවල භෞතික හා මූල්‍ය ප්‍රගතිය වෙන් වෙන් වශයෙන් කවරේද;

      (vi) එම ප්‍රතිසංස්කරණ කටයුතුවලට අදාළ ශක්‍යතා අධ්‍යයන, පාරිසරික සහ ඉංජිනේරු වාර්තා ඉදිරිපත් කරන්නේද;

      (vii) එම ප්‍රතිසංස්කරණ කටයුතුවලදී ඉවත් කරන ලද රොන්මඩ, පස් හෝ වැලි සඳහා ටෙන්ඩර් කරනු ලැබුවේද;

      (viii) එසේ නම්, එම ටෙන්ඩර් ලබාගත් කොන්ත්‍රාත්කරුවන්ගේ ලේඛනයක් ඉදිරිපත් කරන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2018-10-26

අසන ලද්දේ

ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks