බලන්න

E   |     |  

 දිනය: 2018-09-19   පිළිතුර ලබා දී ඇත 

1108/ 2018 - ගරු විජිත හේරත් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1108/’18

      ගරු විජිත හේරත් මහතා,— රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       1998 වර්ෂයේදී ශ්‍රී ලංකා පරිපාලන සේවයේ, දෙවන පංතියේ, II වැනි ශ්‍රේණියට කුසලතා පදනම මත උසස් කර පුරප්පාඩු පිරවීමේදී නිලධාරීන් දසදෙනෙකුට පමණ අසාධාරණයක් සිදුවී ඇති බවත්;

      (ii) ආයතන සංග්‍රහයේ විධිවිධාන සහ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ නොසලකා හරිමින් සේවා ව්‍යවස්ථාවේ උසස්වීම් ක්‍රමවේදයට සම්පූර්ණයෙන්ම පරිබාහිරව ද්විත්ව උසස්වීම් ලෙස තනතුරු පුරප්පාඩු ඇතිවීමෙන් වසර හතක් පමණ ප්‍රමාද කර විභාගයක් පවත්වා උසස්වීම් ලබාදීම හේතුවෙන් ඔවුන්ට අසාධාරණයක් සිදු වී ඇති බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) (i) කිසියම් නිලධාරියෙකුගේ සේවයේ අවසන් කාලය වනවිට හෝ විශ්‍රාම ගිය පසු මෙම උසස්වීම ලබා දෙන බැවින් අදාළ නිලධාරින් ඒ සඳහා යොමු නොකළේ මන්ද;

      (ii) එසේ අසාධාරණයට ලක් වූ නිලධාරීන්ට සාධාරණය ඉටු කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2018-09-19

අසන ලද්දේ

ගරු විජිත හේරත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

1998 වසරේ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ උසස්වීම් : අසාධාරණයට ලක්වූවන්ට සාධාරණය

පිළිතුරු දුන් දිනය

2018-09-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නලින් බණ්ඩාර ජයමහ, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks