E   |     |  

 දිනය: 2019-02-21   පිළිතුර ලබා දී ඇත 

0069/ 2019 - ගරු දයාසිරි ජයසේකර මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 69/’18

      ගරු දයාසිරි ජයසේකර මහතා,— කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)      2015 වර්ෂයේ සිට මේ දක්වා සීමාසහිත ලංකා සතොස ආයතනය විසින් ආනයනය කරන ලද සහල් ප්‍රමාණය එක් එක් වර්ෂය අනුව කොපමණද;

      (ii) එම සහල් ආනයනය කරන ලද මිල ගණන් සඳහන් කරන්නේද;

      (iii) එම සහල් තොග වෙළෙඳපොළට නිකුත් කළ ආකාරය කවරේද;

      (iv) 2015 වර්ෂයේ සිට මේ දක්වා වාර්ෂිකව වෙළෙඳපොළට නිකුත් කළ ප්‍රමාණයන් සහ මිල ගණන් වෙන් වෙන් වශයෙන් කවරේද;

      (v) 2017 සහ 2018 වර්ෂවලදී ලක් සතොස මඟින් පෞද්ගලික අංශයෙන් මිලදී ගන්නා ලද සහල් ප්‍රමාණය කොපමණද;

      (vi) එම සහල් කිලෝ එකක් සඳහා ගෙවන ලද මුදල කොපමණද;

      (vii) එම සහල් මිලදී ගන්නා ලද ව්‍යාපාරික ආයතන කවරේද; 

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-02-21

අසන ලද්දේ

ගරු දයාසිරි ජයසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

සතොස මඟින් ආනයනය කර ඇති

පිළිතුරු දුන් දිනය

2019-05-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රිසාඩ් බදියුදීන්, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks