E   |     |  

 දිනය: 2019-03-07   පිළිතුර ලබා දී ඇත 

0073/ 2019 - ගරු දයාසිරි ජයසේකර මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 73/’18

      ගරු දයාසිරි ජයසේකර මහතා,— බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධිය නොරොච්චෝල තාප බලාගාරයෙන් පිටවන අළුවල බලපෑමට ලක්ව තිබේද;

                   (ii)      එසේ නම්, එමඟින් ජය ශ්‍රී මහා බෝධියට සිදු විය හැකි බලපෑම් පිළිබඳ පරික්ෂණ සිදු කර තිබේද; 

      (iii) එසේ නම්, එම වාර්තාව සභාගත කරන්නේද;

      (iv) මේ වනවිට අවදානමක් නොමැති වුවද, ඉදිරියේ දී අවදානම් සහිත තත්ත්වයක් පැන නැගීමේ හැකියාවක් පවතීද;

      (v) මෙවැනි තත්ත්වයක්  ඇති වුවහොත් ඒ සඳහා ගනු ලබන පියවර සඳහන් කරන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-03-07

අසන ලද්දේ

ගරු දයාසිරි ජයසේකර මහතා, පා.ම.

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

නොරොච්චෝලේ තාප බලාගාරයෙන් පිටවන අළු : ජය ශ්‍රී මහා බෝධියට වන බලපෑම

පිළිතුරු දුන් දිනය

2019-05-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks