E   |     |  

 දිනය: 2019-06-07   පිළිතුර ලබා දී ඇත 

0143/ 2019 - ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 143/’18

      ගරු චමින්ද වි‍ජේසිරි මහතා,— මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)      මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යටතේ කැළිකසළ සම්බන්ධව කටයුතු කරන ආයතන තිබේද;

                   (ii)      එසේ නම්, එම ආයතනවල නම් හා ලිපිනයන් කවරේද;

                 (iii)      2010 වර්ෂයේ සිට මේ දක්වා එම ආයතනවල නිලධාරින් කැළිකසළ කළමනාකරණය සම්බන්ධව පුහුණු වැඩසටහන්වලට සහභාගී වී තිබේද;

      (iv) එසේ නම්, ඒ සඳහා සහභාගී වූ නිලධාරින්ගේ නම්, තනතුරු, වැඩමුළු පැවැති නගර හා වැය කරන ලද මුදල් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කවරේද;

      (v) එසේ විදේශ පුහුණු ලැබූ නිලධාරින්ගේ දැනුම හා අත්දැකීම් උපයෝගී කරගෙන කැළිකසළ කළමනාකරණය සඳහා අමාත්‍යාංශය ගත් පියවර කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-06-07

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

කැළි කසළ කළමනාකරණය: පුහුණු වැඩසටහන්

පිළිතුරු දුන් දිනය

2019-09-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු පාඨලී චම්පික රණවක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks