E   |     |  

 පිළිතුර ලබා දී නැත 

0273/ 2019 - ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 273/’18

      ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා,— කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)      2016 වර්ෂයේදී මොණරාගල දිස්ත්‍රික්කයේ, බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තූළ පිහිටි “රාත්‍රි වැව” ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වැය කරන ලද  මුදල කොපමණද;

      (ii) ඒ සඳහා ලබාගත් පාරිසරික සහ වෙනත් අනුමැතීන් ඉදිරිපත් කරන්නේද;

      (iii) මෙම ව්‍යාපෘතියට අදාළ ඇස්තමේන්තුවේ සඳහන් ප්‍රතිසංස්කරණ කටයුතු කවරේද;

      (iv) අදාළ ඇස්තමේන්තුවේ පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන්නේද;

      (v) මෙම ප්‍රතිසංස්කරණයේදී වැවෙහි ගැඹුර හා වර්ගඵලය වැඩි කිරීම වෙනුවෙන් වැව් පතුලේ පස් තට්ටු ඉවත් කිරීමක් සිදුවී ඇති බව පිළිගන්නේද;

       

       

      (vi) එම පස් තට්ටු, ඉවත් කරන ලද ආකාරය සහ බැහැර කරන ලද ස්ථානය කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-08-22

අසන ලද්දේ

ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks