පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
367/’18
ගරු වේලු කුමාර් මහතා,— රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ජනතා වතු සංවර්ධන මණ්ඩලය සතු කන්ඩලඔය වතුයායේ 2002 වර්ෂයේදී සේවය කරන ලද වතු කම්කරුවන් සංඛ්‍යාව කොපමණද;
(ii) වර්ෂ 2000 සිට 2015 දක්වා මෙම වතුයායේ සේවය කර විශ්‍රාම ගැන්වූ පිරිමි සහ කාන්තා වතු කම්කරුවන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) එසේ විශ්‍රාම ගැන්වූ කම්කරුවන් අතරින් මේ වනවිටත් සේවක අර්ථසාධක අරමුදල් ප්රතිලාභ, සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් සහ විශ්‍රාම පාරිතෝෂිකය ගෙවා නොමැති කම්කරුවන් සංඛ්‍යාව කොපමණද;
(iv) එම එක් එක් කම්කරුවාගේ නම, ලියාපදිංචි සාමාජික අංකය, සේවක අර්ථසාධක අරමුදල් ප්රතිලාභ, සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් සහ විශ්‍රාම පාරිතෝෂිකයේ හිඟ මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-07-12
අසන ලද්දේ
ගරු වේලු කුමාර් මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks