බලන්න

E   |     |  

 දිනය: 2019-02-20   පිළිතුර ලබා දී ඇත 

0382/ 2019 - ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 382/’18

      ගරු එස්. එම්. මරික්කාර් මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ වත්මන් ප්‍රධාන කොමසාරිස් මෙරිල් ගුණතිලක මහතා එම තනතුරට පත්වීමෙන් 1957 අංක 13 දරන බාලදක්ෂ සංගම්    පනතේ 2 කොටසේ 8  වගන්තිය උල්ලංඝනය වී ඇති බවත්;

      (ii) නව පත්වීම හිටපු ප්‍රධාන කොමසාරිස් නිමල් ද සිල්වා මහතාගේ හිතවත්කම මත පමණක් සිදු කර ඇති බවත්;

      (iii) නව ප්‍රධාන කොමසාරිස්වරයා 2010 වර්ෂයේ මාර්තු මස බාලදක්ෂ මූලස්ථාන කොමසාරිස්වරයෙකු වශයෙන් සිටියදී නිසි පරිදි සේවය ඉටු නොකිරීමේ හේතුව මත සේවයෙන් ඉවත්වන ලෙසට සංගමයේ විධායක කමිටුව ලිඛිතව දන්වා  ඇති බවත්;

      (iv) මේ සම්බන්ධයෙන් විධායක කමිටුව සහ සංගමයේ සභාපති  විසින් අවස්ථා කිහිපයකදීම ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණිලි කර ඇති බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) (i) මෙම පත්වීම පූර්වාදර්ශයට ගනිමින් ඉදිරියේදී නුසුදුසු පුද්ගලයන් මෙම තනතුර සඳහා පත්වීමට ඉඩකඩ ඇති බවත්;

      (ii) ලෝක බාලදක්ෂ ප්‍රතිපත්තියට අනුව නීතිය ක්‍රියාත්මක නොකිරීමෙන් එම සාමාජිකත්වයද ගිලිහී යාමට ඉඩකඩ ඇති බවත්;

      එතුමා පිළිගන්නෙහිද?

      (ඇ) (i) ඉහත අ (i) අනුව මෙම පත්වීම වලංගු වන්නේද;

      (ii) මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන්නේද;

      (iii) එසේ නම්, එහි ප්‍රගතිය කවරේද;

      (iv) නොඑසේ  නම්, ඉදිරියේදී විමර්ශනයක් සිදු කරන්නේද;

      යන්න එතුමා මෙම  සභාවට දන්වන්නෙහිද?

      (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-02-20

අසන ලද්දේ

ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks