පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
450/’19
ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා,— අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) නාගරික සංවර්ධන අධිකාරිය විසින් නාවලපිටිය නගර සංවර්ධන වැඩසටහන යටතේ නාවලපිටිය නගරයේ පොදු වෙළෙඳපොළක් ඉදිකර ඇති බව දන්නේද;
(ii) පොදු වෙළෙඳපොළ ඉදිකර ඇති භූමිය සඳහා සහ ඉදිකිරීම් කටයුතු සඳහා මුදල් වැයකරන ලද ආයතන කවරේද;
(iii) නාවලපිටිය නගර සභාව විසින් මෙම පොදු වෙළෙඳපොළ සඳහා ආරම්භක වර්ෂයේදී කඩහිමියන්ගෙන් අය කරන ලද වාර්ෂික බදු මුදල කොපමණද;
(iv) වත්මන් නගර සභාව විසින් වාර්ෂික බදු මුදල 1500%කින් වැඩිකර ඇති බව දන්නේද;
(v) එකවර 1500%කින් බදු මුදල් වැඩි කිරීමෙන් ව්‍යාපාරිකයන්ට එම බදු මුදල් ගෙවීමට නොහැකි බව පිළිගන්නේද;
(vi) මෙම තත්ත්වය සමාලෝචනය කර නැවත සාධාරණ බදු මුදලක් අය කිරීම සඳහා නාවලපිටිය නගර සභාවට උපදෙස් ලබා දෙන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-06-07
අසන ලද්දේ
ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3
නාවලපිටිය පොදු වෙළෙඳ පොළ : කඩහිමියන්ගෙන් අය කරන වාර්ෂික බදු
පිළිතුරු දුන් දිනය
2019-06-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks