E   |     |  

 පිළිතුර ලබා දී නැත 

0467/ 2019 - ගරු අශෝක ප්‍රියන්ත මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 467/’19

      ගරු අශෝක ප්‍රියන්ත මහතා,— අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      පුත්තලම දිස්ත්‍රික්කය තුළ පිහිටි පළාත් පාලන ආයතන සංඛ්‍යාව කොපමණද;

                   (ii)      ඒවායේ නම් කවරේද;

                 (iii)      මෙම එක් එක් පළාත් පාලන ආයතන මඟින් පාලනය වන ළමා උද්‍යාන සංඛ්‍යාව කොපමණද;

      (iv) ඒවායේ නම් කවරේද;

      (v) 2010 වර්ෂයේ සිට මේ දක්වා මෙම එක් එක් ළමා උද්‍යානය සංවර්ධනය කිරීම සඳහා අමාත්‍යාංශය විසින් ලබා දී ඇති වාර්ෂික ප්‍රතිපාදනය වෙන් වෙන් වශයෙන් කවරේද;

       (vi) මෙම ළමා උද්‍යාන තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා අමාත්‍යාංශය දැනට ගෙන ඇති පියවර සහ ඉදිරියේදී ගනු ලබන පියවර කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-06-18

අසන ලද්දේ

ගරු අශෝක ප්‍රියන්ත මහතා, පා.ම.

අමාත්‍යාංශය

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks