පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
485/’19
ගරු ආනන්ද අලුත්ගමගේ මහතා,— ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මහනුවර දිස්ත්‍රික්කයේ ඇති ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල ඩිපෝ සංඛ්‍යාව කොපමණද;
(ii) එම ඩිපෝවල නම් කවරේද;
(iii) එම එක් එක් ඩිපෝවෙන් දැනට ධාවනය කරනු ලබන බස්රථ සංඛ්‍යාව කොපමණද;
(iv) මෙම ඩිපෝ අතරින් ලාභ හා පාඩු ලබන ඩිපෝ වෙන් වෙන් වශයෙන් කවරේද;
(v) එම එක් එක් ඩිපෝවේ පවතින පුරප්පාඩු කවරේද;
(vi) යහපාලන රජය බලයට පත්වීමෙන් අනතුරුව, මේ දක්වා ඩිපෝවල ලබා දී ඇති රැකියා සංඛ්‍යාව සහ එම රැකියා ලැබූ පුද්ගලයන්ගේ නම් කවරේද;
(vii) මහනුවර දිස්ත්‍රික්කයේ ලංගම ඩිපෝවල බස් ඇණිය වැඩි දියුණු කිරීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-03-07
අසන ලද්දේ
ගරු ආනන්ද අලුත්ගමගේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3
මහනුවර දිස්ත්‍රික්කයේ ශ්‍රීලංගම ඩිපෝ: විස්තර
පිළිතුරු දුන් දිනය
2019-03-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අර්ජුන රණතුංග, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks