පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
553/’19
ගරු එස්. ශ්‍රීතරන් මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පවත්වාගෙන යනු ලබන පෙර පාසැල්වල ගුරුවරුන් සඳහා එම දෙපාර්තමේන්තුව විසින් වැටුප් ගෙවනු ලබන බව එතුමා දන්නෙහිද?
(ආ) (i) කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යනු ලබන පෙර පාසැල් සංඛ්‍යාව, වැටුප් ගෙවනු ලබන පෙර පාසැල් ගුරුවරුන් සංඛ්‍යාව සහ එක් ගුරුවරයෙකුගේ මාසික වැටුප වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) මෙම පෙර පාසැල්වල ඉගෙනුම ලබන ශිෂ්‍යයන්ගේ නිල ඇඳුම් සදහා මුදල් දෙමාපියන්ගෙන් අය කරනු ලබන බව දන්නේද;
(iii) නිල ඇඳුම් සඳහා එක් ශිෂ්‍යයෙකුගෙන් අයකරනු ලබන මුදල කොපමණද;
(iv) එම ගාස්තුව දෙමාපියන්ගෙන් අය කිරීමේ පදනම කවරේද;
(v) මෙම ශිෂ්‍යයන්ගේ පාසැල් නිල ඇඳුම්වල හමුදා ලාංඡනය මුද්‍රණය කර ඇති පදනම කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) (i) මෙසේ ආරක්ෂක හමුදාව විසින් පෙර පාසැල් පවත්වාගෙන යනු ලැබීමෙන් පශ්චාත් යුද සමයක සංහිඳියාව, ජාතික සමගිය සහ එකමුතුව යන කාරණා සඳහා බලපෑමක් ඇති නොවන්නේද;
(ii) උතුරු පළාත් සභාවට අයත් මෙම පෙර පාසැල් ආරක්ෂක හමුදාව විසින් පවත්වාගෙන යාම නීත්‍යානුකුල වන්නේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-05-23
අසන ලද්දේ
ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks