පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
616/’18
ගරු ආනන්ද අලුත්ගමගේ මහතා,— විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කොළඹ දිස්ත්‍රික්කයේ, තෝරාගත් පාසැල් 35ක් සඳහා ක්‍රිකට් භාණ්ඩ ප්රදානය කිරීමේ උත්සවයක් 2018.10.02 වැනි දින ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවැත්වූ බවත්;
(ii) එම උත්සවයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු පරිපාලනය වෙනුවෙන් තරඟ සංවිධායක කමිටු ප්‍රධානියා ලෙස කටයුතු කළ බන්දුල දිසානායක නමැත්තෙකු සහභාගී වූ බවත්;
(iii) එම උත්සවය සඳහා ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල ටයි පටියද පැළඳ සිටි බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය කල් දමා නිසි බලධාරියෙකු යටතේ ක්‍රියාත්මක වූ එවැනි අවස්ථාවකදී හිටපු බලධාරියකුට මෙවැනි උත්සව සඳහා සහභාගී වීමට ඇති නෛතික හා සදාචාරාත්මක පසුබිම කවරේද;
(ii) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂිත නිලධාරින් යහපාලන රජයේ කටයුතු සඳහා සම්බන්ධ කරගැනීම වැළැක්වීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-09-04
අසන ලද්දේ
ගරු ආනන්ද අලුත්ගමගේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3
ක්‍රිකට් භාණ්ඩ ප්රදානය කිරීමේ උත්සවය: 'ශ්‍රී ලංකා ක්‍රිකට්' හිටපු නිලධාරියකු සහභාගි වීම
පිළිතුරු දුන් දිනය
2019-09-04
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks