E   |     |  

 දිනය: 2019-06-21   පිළිතුර ලබා දී ඇත 

0633/ 2019 - ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 633/’18

      ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා,— අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      වර්ෂ 1948 සිට 2015 දක්වා විවිධ ගිවිසුම් සහ නීති යටතේ ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවේ පදිංචියට ගිය හෝ යැවූ පුද්ගලයන් සංඛ්‍යාව;    

                   (ii)        වර්ෂ 1983 සිට 2009 දක්වා සරණාගතයන් ලෙස ඉන්දියාවට ගිය පුද්ගලයන් සංඛ්‍යාව;

      (iii) වර්ෂ 2009 සිට 2017 දක්වා සරණාගතයන් ලෙස ඉන්දියාවට ගිය පුද්ගලයන්ගෙන් නැවත ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයන් සංඛ්‍යාව;

      එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-06-21

අසන ලද්දේ

ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම.

අමාත්‍යාංශය

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ඉන්දියාවට සංක්‍රමණය වූ සරණාගතයන්: විස්තර

පිළිතුරු දුන් දිනය

2019-09-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks