බලන්න

E   |     |  

 දිනය: 2019-07-24   පිළිතුර ලබා දී ඇත 

0659/ 2019 - ගරු සුසන්ත පුංචිනිලමේ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 659/’18

      ගරු සුසන්ත පුංචිනිලමේ මහතා,— ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා  අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)      ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් කන්තලේ නගරයේ පිහිටා ඇති, දැනට වාර්ෂික බදු පදනම යටතේ ව්‍යාපාරික ස්ථාන පවත්වාගෙන යනු ලබන සහ නේවාසිකව පදිංචිව සිටින ස්ථාන වෙනුවෙන් වූ බදු ගිවිසුම් සමහර පුද්ගලයන් විසින් තවමත් දීර්ඝ කර නොමැති බව එතුමා දන්නෙහිද? 

      (ආ) (i) කන්තලේ නගරයේ එලෙස බදු පදනම මත සිටින පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;

      (ii) ඒ අතරින් වාර්ෂික බදු ගිවිසුම් දීර්ඝ කර නොමැති පුද්ගලයන් කවුරුන්ද;

       

       

      (iii) එලෙස බදු ගිවිසුම් දීර්ඝ නොකිරීමට හේතු කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-07-24

අසන ලද්දේ

ගරු සුසන්ත පුංචිනිලමේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

කන්තලේ නගරයේ ඇති දුම්රිය දෙපාර්තමේන්තුව සතු දේපොළ: බදු ගිවිසුම්

පිළිතුරු දුන් දිනය

2019-07-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අර්ජුන රණතුංග, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks