E   |     |  

 දිනය: 2019-04-03   පිළිතුර ලබා දී ඇත 

0663/ 2019 - ගරු ඩග්ලස් දේවානන්දා මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 663/’18

      ගරු ඩග්ලස් දේවානන්ද මහතා,— විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යතුමා— 

      (අ)         (i)      කිලිනොච්චි දිස්ත්‍රික්කයේ දැනට පවුල් 43,818ක් පමණ ජීවත්වන බවත්;

                   (ii)      මෙම පවුල් අතරින් පවුල් 4,039කට නැවත පදිංචි කළ පසු මෙතෙක් විදුලි සම්බන්ධතා ලබා දී නොමැති බවත්;

      එතුමා දන්නෙහිද?

       

      (ආ) (i) මෙම පවුල් සඳහා විදුලි සම්බන්ධතා ලබාදීමට කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නේද;

      (ii) එසේ නම්, එම දිනය කවරේද;

      (iii) නොඑසේ නම්, එයට හේතු කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-04-03

අසන ලද්දේ

ගරු ඩග්ලස් දේවානන්දා මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ නැවත පදිංචි කළ පවුල්: විදුලිබලය සැපයීම

පිළිතුරු දුන් දිනය

2019-05-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks