E   |     |  

 පිළිතුර ලබා දී නැත 

0670/ 2019 - ගරු ඩග්ලස් දේවානන්දා මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 670/’18

      ගරු ඩග්ලස් දේවානන්ද මහතා,— නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)      මන්නාරම, මඩු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, වලෛයන්කට්ටු ගම්මානයේ නැවත පදිංචිකර ඇති ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සපුරාලීමේ අරමුණින්, රාජ්‍ය නොවන සංවිධානයක ආධාර ඇතිව රුපියල් මිලියන ගණනාවක වියදමින් පානීය ජල යෝජනා ක්‍රමයක් දියත් කරන ලද  බවත්;

      (ii) එලෙස දියත්කරන ලද උක්ත යෝජනා ක්‍රමය සම්පූර්ණ නොකර අතරමගදී අත්හැර දමා ඇති බවත්;

      (iii) එකී ගම්මානයේ ජනතාව තම පානීය ජල අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා දැඩි දුෂ්කරතාවයකට මුහුණ දෙන බවත්;

      එතුමා දන්නෙහිද?

       

      (ආ) (i) ඉහත පානීය ජල යෝජනා ක්‍රමය සම්පූර්ණ කර වලෛයන්කට්ටු ගම්මානයේ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සපුරාදීම සඳහා පියවර ගන්නේද;

      (ii) එසේ නම්, එම දිනය කවරේද;

      (iii) නොඑසේ නම්, එයට හේතුව කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-10-23

අසන ලද්දේ

ගරු ඩග්ලස් දේවානන්දා මහතා, පා.ම.

අමාත්‍යාංශය

නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks