E   |     |  

 පිළිතුර ලබා දී නැත 

0751/ 2019 - ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 751/’19

      ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      2018.07.01 සිට 2018.12.31 දක්වා අග්‍රාමාත්‍යවරයා සහභාගි වූ විදේශ සංචාර කවරේද;

                   (ii)      එම එක් එක් සංචාරයට සහභාගි වූ පුද්ගලයන්ගේ නම්, ඔවුන් රජයේ තනතුරක් දරන්නේ නම්, එම තනතුරු සහ සංචාරයට සහභාගි වීමට හේතු කවරේද;

      (iii) 2016.01.01 සි‍ට 2018.12.31 දින දක්වා අග්‍රාමාත්‍යවරයා සහභාගි වූ විදේශ සංචාර සඳහා රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන විසින් දරන ලද වියදම් ද ඇතුළුව එක් එක් සංචාරය සඳහා දරන ලද වියදම වෙන් වෙන් වශයෙන් කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-08-09

අසන ලද්දේ

ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks