E   |     |  

 පිළිතුර ලබා දී නැත 

0833/ 2019 - ගරු කාදර් මස්තාන් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 833/’19

      ගරු කේ. කාදර් මස්තාන් මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)   වර්ෂ 2009 - 2012 කාල වකවානුවේදී ත්‍රස්තවාදයට එරෙහිව අවසන් යුද්ධයේදී, වවුනියා දිස්ත්‍රික්කයේ මැනික්ෆාම් අවතැන්වූවන්ගේ කඳවුරට, යොමු කරන ලද දහස් ගණනක් වූ පවුල්වලට උපකාර පිණිස දේශීය හා විදේශීය ආයතන හරහා විවිධ ආධාර ලැබුණු බව දන්නේද;

      (ii) එම කාලවකවානුවේදී දේශිය හා අන්තර්ජාතික සංවිධාන සහ විදේශ රටවලින් මැනික්ෆාම් කඳවුරෙහි වැඩකටයුතු සඳහා නොමිලේ ලබාදෙන ලද වාහන සංඛ්‍යාව කොපමණද;

      (iii) ඉහත වාහනවල වර්ගය හා දේශීය ලියාපදිංචි අංක කවරේද;

      (iv) එවකට එම වාහන භාවිතා කරනු ලැබුවේ කවුරුන්ද;

      (v) දැනට එම  වාහන භාවිතා කරනු ලබන්නේ කවුරුන්ද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-09-18

අසන ලද්දේ

ගරු කාදර් මස්තාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks