E   |     |  

 දිනය: 2019-04-04   පිළිතුර ලබා දී ඇත 

0859/ 2019 - ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 859/’19

      ගරු වාසුදේව නානායක්කාර මහතා,— රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      ඇහැළියගොඩ, කරඳන ප්‍රදේශයේ නායයෑමෙන් නිවාස විනාශ වූ පවුල්, ඇහැළියගොඩ කොට්ඨාසයේ අනෙකුත් වසම්වල නායයෑමට හසුව නිවාස විනාශ වූ පවුල් හා අධි අවදානම් කලාපයේ පදිංචි පවුල් ද ඇතුළුව කිසිදු පවුලක් සඳහා 2017 වර්ෂයේ දෙසැම්බර් සිට ගෙවල් කුලී දීමනාව ලැබී නොමැති බවත්;

      (ii) ගෙවල් කුලී ගෙවීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් විමසූ විට  ලැබී නොමැති බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) (i) එම හිඟ ගෙවල් කුලී ගෙවීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් වෙත ලබා දෙන්නේද;

      (ii) එසේ නම්, එම දිනය කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-04-04

අසන ලද්දේ

ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ඇහැලියගොඩ ප්‍රදේශයේ නාය යෑමෙන් හානි වූ පවුල්: ගෙවල් කුලී දීමනාව

පිළිතුරු දුන් දිනය

2019-04-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks