පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
885/’19
ගරු එස්.සී. මුතුකුමාරණ මහතා,— මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මුදල් අමාත්‍යාංශය යටතේ “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” යෝජනා ක්‍රමය ආරම්භ කළ දිනය කවරේද;
(ii) එහි මූලික අරමුණ කවරේද;
(iii) මේ වනවිට එම අරමුණ කොපමණ දුරට ඉටුවී තිබේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) 2019.03.08 දින වනවිට කළුතර දිස්ත්‍රික්කයේ ඉහත සඳහන් වැඩපිළිවෙළ යටතේ ණය පහසුකම් ලබාදී ඇති නව ව්‍යාපාර සංඛ්‍යාව කොපමණද;
(ii) ලබා දී ඇති එම ණය, එක් එක් ව්‍යාපාරය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) (i) 2019.03.08 දින වනවිට අනුරාධපුර දිස්ත්‍රික්කය යටතේ ණය පහසුකම් ලබාදී ඇති නව ව්‍යාපාර සංඛ්‍යාව කොපමණද;
(ii) ලබා දී ඇති එම ණය මුදල් එක් එක් ව්‍යාපාරය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) ණය යෝජනා ක්‍රමයේ පරමාර්ථය කොපමණ දුරට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉටු වී තිබේද;
(iv) මෙම දිස්ත්‍රික්ක දෙක අතර මෙම යෝජනා ක්‍රමය ක්‍රියාත්මකවීමේ පරතරයක් තිබේද;
(v) එය වෙනස් කිරීමට උත්සාහ ගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-09-19
අසන ලද්දේ
ගරු එස්. සී. මුතුකුමාරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks